විදුලි බිලට VAT අදාළ නැද්ද? : වැඩි කරන්නද, එපා ද? – මණ්ඩලය පැහැදිලි කිරීම් ඉල්ලයි !

Share post:

විදුලි ගාස්තුවලට කිසියම් බලපෑමක් ඇතිකරන, එකතු කළ අගය මත බදු (VAT) අනුපාතය අද (01) සිට ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ භාණ්ඩාගාරය ඇතුළු අදාළ ආයතනවලින් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

රජය දැඩි විවේචන මධ්‍යයේ අද සිට ක්‍රියාත්මක වන පරිදි 2024 අයවැය හරහා වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා 3% කින් වැඩිකර ඇත.

වැට් බදු වැඩි කිරීම විදුලි ගාස්තුවලට ඇතිකරන බලපෑම පිළිබඳ පිළිතුරු දෙමින් විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (දෙසැම්බර් 31) මාධ්‍යයට පවසා තිබුණේ වැට් බදු සංශෝධනය සිදු නොවන බවට අදාළ බලධාරීන් දැනුම් දී ඇති බවයි.

වැට් බදු වැඩි කිරීම විදුලි ගාස්තු සඳහා අදාළ වන නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

“මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සහ මහා භාණ්ඩාගාරය විදුලි බිල සඳහා වැට් බදු වැඩිකිරීම අදාළ නොවන බව ප්‍රකාශ කර සිටියත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ලැබෙන තුරු අපට තහවුරු කළ නොහැකියි. හෙට (ජනවාරි 2) වන විට මුදල් අමාත්‍යංශය සහ භාණ්ඩාගාරය මේ පිළිබඳ අපට දන්වයි,” යනුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.

සෞඛ්‍ය හා සම්බන්ධ නිෂ්පාදන හැර අනෙකුත් බොහෝ දෑ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීමත් සමඟ 2024 ජනවාරි මාසයේදී වැට් බදු අනුපාතය 18% දක්වා වැඩි කරන බව ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අයවැය ලේඛනයේ සඳහන් වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම වැඩි මිල ගණන් යටතේ ගාස්තු ඉහළ දැමීම නිසා වැට් බදු සංශෝධනය හේතුවෙන් විදුලි ගාස්තු කෙරෙහි ඇතිවිය හැකි ඕනෑම බලපෑමක් මහජන විවේචනයට ලක්වීමට ඉඩ ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...