ගාසා හි මධ්‍යම ප්‍රදේශයෙන් එක් ලක්ෂ පනස් දහසක් පලා ගිහින්

Share post:

ගාසා හි මධ්‍යම ප්‍රදේශයෙන් එක් ලක්ෂ පනස් දහසක් පමණ පිරිසක් පලා ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ප්‍රදේශයේ සරණාගත කඳවුරු වෙත ඊශ්‍රායල හමුදා ළඟාවෙමින් සිටීමයි ඊට හේතුව. කඳවුරු කිහිපයක් ආසන්නයේ ඊශ්‍රායල යුද ටැංකි පවතින බවට ද නිරීක්‍ෂණය වී තිබෙනවා. සති එකොළහක කාලයක් පැවති ගැටුම්වලින් විසි එක්දහස් පන්සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවයි හමාස් සෞඛ්‍ය අංශ පවසන්නේ. ඉන් වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සහ දරුවන් බවද වාර්තා වෙනවා.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...