ලොව විශාලතම දැවමය සුළං ටර්බයිනය ස්වීඩනයේ දී ක්‍රියාත්මක කළා. ඉන් නිපදවන විදුලි ප්‍රමාණය මෙගාවොට් දෙකක් බවයි සඳහන් වන්නේ. නිවාස 400 කට විදුලිය සැපයීමට එය ප්‍රමාණවත්. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ මොඩ්වියන් සමාගම කියාසිටින්නේ තවත් දැවමය සුළං ටර්බයිනයක් ඉදිරියේදී ඉදිකරන බවයි. ඒවායෙහි සාර්ථකත්වය මත වසර 2027 වනවිට සුළං ටර්බයින 100 ක් ස්ථාපනය සැලසුම බවයි සමාගම පවසන්නේ.