කොන්වෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස IIHS නම් කරයි

Share post:

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස එක්සත් රාජධානියේ කොන්වෙන්ට්‍රි විශ්ව විද්‍යාලය විසින් නම් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ සන්නාමගත විශ්ව විද්‍යාලයක් බිහි කිරීමට තිබෙන අවස්ථා ගවේෂණය කරමින් IIHS සහ කොන්වෙන්ට්‍රි විශ්ව විද්‍යාලය අතර දීර්ඝ කාලයක් සිදු වූ සාකච්ඡාවල ප්‍රතිලයක් ලෙස මෙය සිදු විය.

2013දී උපාධි අපේක්ෂක හෙද සිසු සිසුවියන් ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් සමඟ මෙම සහයෝගීතාව ආරම්භ විය. එය පසුගිය කාලය තුළ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සහ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම ඉලක්ක කරගත් පුළුල් වැඩසටහනක් බවට පත් වී තිබේ.

මෙම සහයෝගිතාවේ තවත් අදියරක් ලෙස IIHS සහ කොන්වෙන්ට්‍රි විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. ඉහළ ගුණාත්මකභාවයකින් යුත් අධ්‍යාපන අවස්ථා උදා කිරීමටඑම ආයතන සතු අනෝන්‍යය කැපවීම තහවුරු කරන මෙම අවබෝධතා ගිවිසුම අනාගතයේදී බොහෝ මුලපිරීම් සඳහා මඟ පාදනු ඇත.

කොවෙන්ට්රිණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පසුගියදා IIHS හි නිල සංචාරයකට විය. එය මෙම සහයෝගිතාව වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඉවහල් වනු ඇත.

වර්තමානයේදී IIHS හි කොන්වෙන්ට්‍රි විශ්ව විද්‍යාලයට අනුබද්ධ අධ්‍යාපන වැඩසටහන් සහ මොඩියුල හදාරන සිසු සිසුවියන් සංඛ්‍යාව 1,300කට අධික වේ. ඉදිරියේදී එම පාඨමාලා වඩාත් විවිධත්වයකට ලක් කරමින්, දකුණු ආසියානු කලාපයේ සිසු සිසුවියන්ට පුළුල් පරාසයක විහිදුණු අධ්‍යාපන අවස්ථා සළසා දීමට සැලසුම් සකසා තිබේ.

මෙම සහයෝගිතාවේ ප්‍රතිපලයක් ලෙස සැබෑ පාඨමාලා ගාස්තුවෙන් දහයෙන් එකක් වැනි අවම ගාස්තුවක් යටතේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පාඨමාලා හැදෑරීමට සිසු සිසුවියන්ට අවස්ථාව හිමි වේ.

“අපි ඉතාමත් සතුටු වෙනවා කොන්වෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමග මේ ආකාරයෙන් අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන. මේ යටතේ IIHS ආයතනය දකුණු ආසියාවේ සන්නාමගත විශ්ව විද්‍යාලයක් බවට පත් වෙන්න විභවයක් තිබෙනවා.මේ තුළින් උසස් සහ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීමට අප සතු කැපවීම වගේම දකුණු ආසියානු කලාපය පුරා විහිදී සිටින සිසු සිසුවියන්ට එම පාඨමාලා හැදෑරීමට ඇති අවස්ථා පුළුල් කිරීමට අප සතු ඒකාබද්ධ දැක්ම පිළිබිඹු වෙනවා.” IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිත්සිරි එදිරිසිංහ සඳහන් කළේය.

“IIHS ආයතනය සමග වර්ධනය කරගත් මේ සහයෝගීතාව තුළින් කළාපය තුළ කොන්වෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ දැක්ම ව්‍යාප්ත කරන්නට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ තුළින් බොහෝ කළාපීය සෞඛ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපට හැකියාව ලැබෙනවා. අපේ මේ සහයෝගය තුළින් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට වැඩි වැඩියෙන් සෞඛ්‍යය වෘත්තිකයන් එක් කරන්නටත්, ශ්‍රී ලාංකිකයන්ට එක්සත් රාජධානියේ රැකියා අවස්ථා උදා කර ගන්නටත් හැකි වනු ඇති.” කොන්වෙන්ට්‍රි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජෝන් ලැතම් සඳහන් කළේය.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...