පනින රිලවුන්ට නායකත්වයේ ඉනිමන් තියයිද?

Share post:

ජරා ජීර්ණ වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් මේ දිනවල ඇහෙන, දකින අලුත්ම ආරංචිය තමයි නායකයින් කවුදැයි යන මාතෘකාව. මේ සමගම කරළියට ආ නම් කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා නිල නොලත් ලෙස සැරිසරමින් තිබෙනවා. ඔවුන් ක්‍රීඩකයින් ලෙස දක්ෂ වුවත් නායකත්වයේ වගකීම් දැරිය හැකි මානසික මට්ටමක සමහර ක්‍රීඩකයින් සිටිනවාදැයි කියා ප්‍රශ්නයක් තිබෙනවා.

ජාතික කණ්ඩායමක නායකයෙක් යනු කණ්ඩායම හතරේ සීමාවෙන් ඇතුළට රැගෙන ගොස් ක්‍රීඩකයින් මෙහෙයවන පුද්ගලයා පමණක් නොව, පිතිකරණයේ යෙදෙන විට කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් හෝ ශතකයක් රැස් කිරීම නොව නැත්නම් කඩුලු ලබා දීම පමණක් නොව ජාතික කණ්ඩායමක නායකයෙකු යනු ජයග්‍රහණයට එහා ගිය මනා සංයමයකින් හෙබි ඉහළ දරා ගැනීමේ මානසික මට්ටමක් තිබිය යුතු පුද්ගලයෙක්. නමුත් අප සතුව එවැනි පුද්ගලයින් සිටිනවාද?

එවැනි නායකයින් අප සතුව නැත්නම්, අප කළ යුතුව ඇත්තේ දක්ෂතාවයත් සමග ආසන්න වශයෙන් හෝ ඉහළ දරා ගැනීමේ මානසිකත්වයක් ඇති ක්‍රීඩකයින් තෝරාගෙන ඔවුන් පුහුණු කිරීමයි.

ටෙස්ට්, එක්දින සහ 20යි 20 ලෙස නායකයින් තිදෙනෙකු පත් කරනවාට වඩා එක්දින සහ විස්සයි විස්ස සඳහා එක් නායකයෙකුත් ටෙස්ට් සඳහා තවත් නායකයෙකුත් පත් කළහොත් එය යෝග්‍යය යැයි සිතේ.

පෞද්ගලික ජීවිතය තුළ විනය විරෝධී ක්‍රියා ගණන් නොගත්තත් කණ්ඩායමක් ලෙස රට නියෝජනය කිරීමේදී සිදුකළ විනය වි⁣රෝධි ක්‍රියා, මාධ්‍ය ඉදිරියේ රටක් නියෝජනය කිරිමේදී වගකීම් විරහිත ප්‍රකාශ කළ පුද්ගලයිනුත් නායකත්වය සඳහා සලකා බලන්නේනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට තව බොහෝ කාලයක් ගතවනු ඇතැයි සිතෙනවා.

මේ එළැඹ තිබෙන්නේ ටෙස්⁣⁣ට් ලෝක ශූරතාවය පැවැත්වෙන කාල සීමාවයි. ඊළඟට එළඹෙන්නේ 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයයි. අපගේ ප්‍රධානතම ඉලක්කය නොහොත් දිගුදුර සැලැස්ම විය යුත්තේ 2027 එක්දින ලෝක කුසලානයයි. එසේනම් සඳහා අප ඵලදායි නායකයින් බිහි කළ යුතු නොවේද?

තවමත් අප සිටින්නේ ටෙස්ටින් 1,2,3 යුගයක නම් ⁣අලුතින් පත් කළ තේරිම් කමිටුව, නව උපදේශකවරයාට සිදුවන්නේ තමන් මහන්සියෙන් කල්පනාකාරීව ගන්නා තීරණ ගඟ⁣ට කැපූ ඉනිමෙන් ලප් තැනම ලොප් වීම නොවේද?

එසේනම් පැහැබර ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයක් වෙනුවෙන් දක්ෂතාවය සපිරුණු ඒ වගේම පැහැබර නායකයින් තිදෙනෙක් හෝ දෙදෙනෙක් පත් කරාවියැයි අපි බලා සිටින්නෙමු..! නැත්නම් සිදුවන්නේ පනින රිලවුන්ට නායකත්වය තුළින් ඉනිමන් තැබීමක් නොවේද?

චතුරංග රාජපක්‍ෂ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...