විරෝධතාවට බාධා කළාට පොලිසිය – හමුදාව කනගාටුව පළකරයි : නීතිඥවරු සමථවෙන්න එකඟ වෙති !

Share post:

2022 වසරේ අරගල සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරතවීමට සූදානම් වූ නීතිඥවරුන්ට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරුන් වෙත සිය කනගාටුව පළකර ඇත.

එම විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් 11දෙනකු විසින් ගොනුකළ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය සහ යුද හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එසේ කනගාටුව ප්‍රකාශ කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කනගාටුව පළකරන බව සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එකඟතාව පළකර ඇත.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

නීතිඥ නලනි කාමලිකා මනතුංග ඇතුළු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරුන් 11 දෙනකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...