ජම්මු කාශ්මීරය විශේෂ නෑ : 370 තාවකාලික වගන්තියක් : ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෝදි ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් !

Share post:

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව විසින් , එරට ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබූ සුවිශේෂී තත්ත්වය අහෝසි කිරීමට 2019 වර්ෂයේ අගොස්තු 06දා ගත් තීරණය නීත්‍යානුකූල තීරණයක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීන්දු කළේය.

අගවිනිසුරු ඩී. වයි. චන්ද්‍රචුද් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩු විභාගය වසර ගණනාවක් පැවති අතර, ඊයේ දිනයේදී ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් එකිනෙකට වෙනස් නඩු තීන්දු 03ක් ලබාදෙන ලදි.

කෙසේ වෙතත් අදාළ නඩු තීන්දු 03 ම මගින් ජම්මු කාශ්මීරය ඉන්දියාවේ සෙසු ප්‍රාන්තයක් හා සමාන මට්ටමට ගෙන එමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය නීත්‍යානුකූල බව ප්‍රකාශ කෙරිණි.

විනිසුරුවරුන් තීරණය කර තිබුණේ 370 තාවකාලික වගන්තියක් බවත්, ජම්මු කාශ්මීරය විසින් අදාළ වගන්තිය මගින් ඉන්දියාවට සම්බන්ධ වන විට එය ස්වෛරීභාවයක් භුක්ති නොවිඳි බවත් ය.

ඒ අනුව ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත පරිදි ම ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්විය යුතු බවත්, එය ලබන වසරේ සැප්තැම්බර් 30දාට පෙර පැවැත්විය යුතු බවත් අධිකරණය සිය නියෝගය මගින් අවධාරණය කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...