ජම්මු කාශ්මීරය විශේෂ නෑ : 370 තාවකාලික වගන්තියක් : ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෝදි ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් !

Share post:

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව විසින් , එරට ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබූ සුවිශේෂී තත්ත්වය අහෝසි කිරීමට 2019 වර්ෂයේ අගොස්තු 06දා ගත් තීරණය නීත්‍යානුකූල තීරණයක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) තීන්දු කළේය.

අගවිනිසුරු ඩී. වයි. චන්ද්‍රචුද් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩු විභාගය වසර ගණනාවක් පැවති අතර, ඊයේ දිනයේදී ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් එකිනෙකට වෙනස් නඩු තීන්දු 03ක් ලබාදෙන ලදි.

කෙසේ වෙතත් අදාළ නඩු තීන්දු 03 ම මගින් ජම්මු කාශ්මීරය ඉන්දියාවේ සෙසු ප්‍රාන්තයක් හා සමාන මට්ටමට ගෙන එමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය නීත්‍යානුකූල බව ප්‍රකාශ කෙරිණි.

විනිසුරුවරුන් තීරණය කර තිබුණේ 370 තාවකාලික වගන්තියක් බවත්, ජම්මු කාශ්මීරය විසින් අදාළ වගන්තිය මගින් ඉන්දියාවට සම්බන්ධ වන විට එය ස්වෛරීභාවයක් භුක්ති නොවිඳි බවත් ය.

ඒ අනුව ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත පරිදි ම ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්විය යුතු බවත්, එය ලබන වසරේ සැප්තැම්බර් 30දාට පෙර පැවැත්විය යුතු බවත් අධිකරණය සිය නියෝගය මගින් අවධාරණය කර තිබිණි.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...