අහ්නාෆ් ජසීම් : නිදොස් කොට නිදහස් !

Share post:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසර එකහමාරකට වැඩි කාලයක් රඳවාගෙන සිටි කවියකු සහ ගුරුවරයකු වන අහනාෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

අහ්නාෆ් ජසීම් 2020 මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ‘නවරසම්’ කෘතියට සම්බන්ධ අන්තවාදී චෝදනා සම්බන්ධයෙන් ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහු ළමුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම හා ඔහුගේ සාහිත්‍ය කටයුතු හරහා මුස්ලිම් අන්තවාදයට අනුබල දීම යන චෝදනා මත ය.

ඔහු ඉගැන්වූ විශිෂ්ටතා පාසලේ සිසුන්ට අන්තවාදී කතා පැවැත්වූ බවට 2020 නොවැම්බර් මාසයේදී ජසීම්ට පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකෙරිණි.

කෙසේවෙතත්, මාස 19 කට ආසන්න කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු දැඩි කොන්දේසි යටතේ 2021 දෙසැම්බර් මාසයේදී ඔහුට ඇප ලබාදෙන ලදී.

ඇප ලබාගැනීමෙන් පසු ප්‍රථම වතාවට ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ජසීම් හෙළිකළේ තමාට එරෙහි චෝදනා, “සේව් ද පර්ල්ස්” නමැති පුණ්‍යායතනයට සම්බන්ධ කිරීමට උත්සාහ කළ බවයි.

2020 අප්‍රේල් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ නීතීඥ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන හෙජාස් හිස්බුල්ලා සමඟ සම්බන්ධයක් ඇති බවට ව්‍යාජ ලෙස පාපොච්චාරණය කරන ලෙස තමාට චූදිතයින් බලකිරීමට මෙම චෝදනා හරහා උත්සාහ කළ බව ද ඔහු එම අවස්ථාවේදී හෙළිකළේය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...