අහ්නාෆ් ජසීම් : නිදොස් කොට නිදහස් !

Share post:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසර එකහමාරකට වැඩි කාලයක් රඳවාගෙන සිටි කවියකු සහ ගුරුවරයකු වන අහනාෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.

අහ්නාෆ් ජසීම් 2020 මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ‘නවරසම්’ කෘතියට සම්බන්ධ අන්තවාදී චෝදනා සම්බන්ධයෙන් ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහු ළමුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම හා ඔහුගේ සාහිත්‍ය කටයුතු හරහා මුස්ලිම් අන්තවාදයට අනුබල දීම යන චෝදනා මත ය.

ඔහු ඉගැන්වූ විශිෂ්ටතා පාසලේ සිසුන්ට අන්තවාදී කතා පැවැත්වූ බවට 2020 නොවැම්බර් මාසයේදී ජසීම්ට පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකෙරිණි.

කෙසේවෙතත්, මාස 19 කට ආසන්න කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු දැඩි කොන්දේසි යටතේ 2021 දෙසැම්බර් මාසයේදී ඔහුට ඇප ලබාදෙන ලදී.

ඇප ලබාගැනීමෙන් පසු ප්‍රථම වතාවට ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ජසීම් හෙළිකළේ තමාට එරෙහි චෝදනා, “සේව් ද පර්ල්ස්” නමැති පුණ්‍යායතනයට සම්බන්ධ කිරීමට උත්සාහ කළ බවයි.

2020 අප්‍රේල් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ නීතීඥ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන හෙජාස් හිස්බුල්ලා සමඟ සම්බන්ධයක් ඇති බවට ව්‍යාජ ලෙස පාපොච්චාරණය කරන ලෙස තමාට චූදිතයින් බලකිරීමට මෙම චෝදනා හරහා උත්සාහ කළ බව ද ඔහු එම අවස්ථාවේදී හෙළිකළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...