දෙවැනි ලෝක යුද්ධය සම්බන්ධ නිර්මිත නවතම මාලා නාටකය කුමක්ද ?

Share post:

ගෙවීගිය විසිවැනි සියවසේ සිදුවූ අතිශයින්ම භියංකරවූත් , අතිශයින්ම අමානුෂික – කෲරයවූත් එසේම අතිශයින්ම ප්‍රචණ්ඩකාරීවූත් දෙවැනි ලෝක යුද්ධය ( WWII : 1938 – 1945 ) වස්තු විෂයය හෝ අනුභූතියක් ලෙස ගෙන හෝ එදාමෙදාතුර විවිධාකාර නිර්මාණ ලොවට බිහිවී ඇත්තේ ය. යුද්ධය ශිෂ්ට සම්පන්න ලෝකය විසින් ඉතා පිළිකුල් කරන කාරණාවක් වුවද එය නිර්මාණකරුවාට නිර්මාණකරණය පිණිස සාර වැඩබිමකි. එම න්‍යායට අනුව දෙවැනි ලෝක යුද්ධය වස්තු විෂයය හෝ අනුභුතියක් ලෙස ගෙන එදා මෙදාතුර සාහිත්‍යය පැත්තෙන් නවකතා , කෙටි- නවකතා, කෙටිකතා හා කවි ද රූප මාධ්‍ය පැත්තෙන් වාර්තා චිත්‍රපට, ටෙලි නාට්‍යය හා වෘතාන්ත චිත්‍රපට බෝහෝ සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත්තේ ය.

ඒ අනුව මෙවර දෙවැනි ලෝක යුද්ධය වස්තු විෂයය කරගෙන නිර්මාණය වී ඇති දැවැන්ත මාලානාට්‍ය ( Tele Series ) වනුයේ Masters of the Air – 2024. මෙය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් පස්දෙනෙකු එනම්, Cary Joji Fukunaga / Dee Rees / Anna Boden / Ryan Fleck / Tim Van Patten යනාදීන් විසින් අධ්‍යක්ෂණය කර ඇත්තේ ය. උදා : Cary Joji Fukunaga වූ කලී No Time To Die.- 2021 නැමති Jones Bond චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයා වන්නේ ය.

මෙහි නිෂ්පාදන පිරිවැය ඩොලර් ( $ ) මිලියන 250 – 300 ( ඩොලර් කෝටි 25 – 30 අතර ) අතර සංඛ්‍යාවකි. මෙය පිරිවැය වූ කලී මාලා නාටකයක් අරබයා අතිශයින්ම ඉහළ පිරිවැයක් වන්නේ ය.

මෙහි විධායක නිෂ්පාදනය ස්වීවන් ස්පිල්බර්ග් ( Steven Spielberg / Amblin Television ) හා ටොම් හෑන්ක් ( Tom Hanks ) විසිනි.
මෙහි ප්‍රධාන චරිතය ලෙස රඟපාන්නේ

ඔස්ටින් බට්ලර් ( Austin Butler ) ය. Elvis Presley – 2021 චිත්‍රපටයේ හිටපු සුපිරි රොක් ගායකයකු වූ එල්විස් ප්‍රෙස්ලිගේ
( Elvis Presley ) චරිතය රඟපා ඇකඩම් සම්මාන උළෙල – 2023 ( Academy Award – 2022 ) වසරේ හොදම නළුවාට හිමි සම්මානයට පවා නිර්දේශ වූ නවක නළුවකු වන බට්ලර් තවත් නැගීඑන දක්ෂ හොලිවුඩ් චරිතාංග නළුවකු ලෙස ප්‍රේක්ෂක – විචාරක මහත් අවධානය දිනාගෙන සිටින්නේ ය.
දෙවැනි ලෝක යුද්ධයේ දී ඒ ඒ රටවල්වල ගුවන් හමුදාවන්ට හා එහිලා කෙරුණු ගුවන් සටන්වලට හිමිවූයේ සුවිශේෂී වැදගත්මකි. එසේම අවධානයකි. තවත් ආකාරයකින් විග්‍රහ කරන්නේ නම්, දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිතා කරන ලද ගුවන් තාක්ෂණය හා එහිලා සොයාගන්නා ලද නව තාක්ෂණය වර්තමාන ලෝක ගුවන් තාක්ෂණයේ දියුණුවට බෙහෙවින් බලපෑවේ ය.

මාලා නාටකයේ කතා තේමාව කෙබඳුද ?

Masters of the Air – 2024 මාලා නාටකය සදහා පාදක වී ඇත්තේ විසින් නාසි ගූවන් හමුදා ( Nazi Air Force ) ආක්‍රමණවලට විරුද්ධව එංගලන්ත ගුවන් හමුදාවේ ( British Air Force ) තරුණ ගුවන් නියමුවන් පිරිසක් විසින් කරන දැවැන්ත මෙහෙයුම් මාලාව හා එහිලා බැදුණු සිද්ධිදාමයකි.
මෙම මාලා නාටකය Apple Company Apple TV හා HBO යන Flatforms ඔස්සේ
2024 ජනවාරි 26 වැනි දින සිට විකාශනය ආරම්භ කරනු ඇත.

මෙම මාලා නාටකය සදහා පාදක වූ පොත කුමක්ද ?

ඇමෙරිකානු ජාතික යුද ඉතිහාසඥයකු වූ ඩොනල්ඩ් එල්. මිලර් ( Donald L . Miller ) විසින් රචිත Masters of Air – 2006 නැමති පොත මෙම මාලානාට්‍යය සදහා පාදක වී ඇත්තේ ය.

මගේ සටහන

Masters of the Air මාලා නාටකය මගින් එක්තරා යථාර්ථයක් අපට පසක් කර දෙනු ඇත. එනම් ඒ නිර්මාණාත්මක පැත්තෙන් වර්තමානය මෙරට විවිධ රූපවාහිනි නාලිකාවලින් දෛනිකව විකාශනය වන බහුතර ටෙලි නාට්‍යය කොතැනද යන්නයි ? අපට මෙවන් ශානරයේ ටෙලිනාට්‍ය තව අවුරුදු
සිය – ගණනකින් වත් කිරීමට නොහැක. එසේ කිරීමට ද අවශ්‍ය නැත. එනමුත් ප්‍රේක්ෂක බුද්ධියට පුලුල්ව ආමන්ත්‍රණය කළ හැකි කලාත්මක ටෙලිනාට්‍ය අපට නිර්මාණය කළ හැකිය . එම කාරණාව සම්බන්ධයූන් බහුතර මෙරට ටෙලි නාට්‍යකරුවන් කොයිබට ද ?

ලෝක ඉතිහාසය එතෙක් මෙතෙක් වැඩිම නිෂ්පාදන පිරිවැයක් දරා නර්මාණය කරන ලද මාලා නාටකය අතරට මෙයද අනිවාර්යයෙන්ම එකතුවන බව පෙනේ.ඩොලර් මිලියන 250 – 300 යනු ඩොලර් කෝටි 25 – 30 අතර වූ විශාල පිරිවැයකි. වර්තමාන හොලිවුඩ් සිනමාවේ නිෂ්පාදන ධාරිතාවලට අනුව එම පිරිවැය ඉහළම තාක්ෂණය යටතේ නිර්මාණය කළ හැකි අති-දැවැන්ත චිත්‍රපටය පිරිවැයකි. උදා : Avatar – 2 / 2022 චිත්‍රපටයේ පිරිවැය ඩොලර් මිලියන 250 ක් වන අතර වර්තමානයේ අතිසාර්ථක අයුරින් ලොව පුරා ප්‍රදර්ශනය වන Napoleon- 2023 චිත්‍රපටයේ පිරිවැය ද ඩොලර් මිලියන 200 ක් වන්නේ ය.
ඒ අනුව ගම්‍යවන්නේ අන් කිසිවක් නොව මාලා නාටක ( ටෙලි නාට්‍යය ) මාධ්‍ය කෙරෙහි ඔවුන් කොතරම් විශ්වාසයක් තබා තිබෙන බවත් ඒ අරබයා ඔවුනට ලෝකයේ දසත විසිරී සිටින ප්‍රේක්ෂක ප්‍රජාවගේ අවධානය කොතරම් ශක්තියක් වී ඇති බවත් ය. මෙම කරුණු කාරණාවලට සාපේක්ෂව පෙනීයන්නේ මෙරට ටෙලි නාට්‍ය කෙරෙහි බුද්ධිමත් ප්‍රජාවගේ විශ්වාසය අවධානය හා රුචිකත්වය කොතරම්දුරට හීන වී ඇත්ද යන්න නොවේද ?

ඔබේ විශේෂ අවධානය පිණස !!

ඒ රටවල්වල දේශපාලන නායකත්වය
එදා මෙදාතුර නිසි නායකත්වය රටට ලබාදී ඇති අතර එය ඒ රටේ සකල කලාවට ද ඒ ආකාරයෙන්ම බලපාන්නේ ය . මෙහි යථාර්ථය එයයි !!

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...