කුමාර වන්නි හත්පත්තුවේ පාරිසාරික කවියනොහොත් සයිමන්…

Share post:

අලියා වැටුණ වැව සිටි හේරත් හාමී
සයිමන් ඊට වැඩි තිස් ගුණයක් දෑමී
බෝසත් පෙමින් පෝසත් හේ රසකාමී
පිටසක්වලින් ආ මිනිසෙකි සඳගාමී

සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
ඉපනැලි මතක ඉකිලන ඇටසැකිලි පෙනේ
කටුමැටි පැලක කකියන හදවතක සෙනේ
නොකියන දුකක තතු කඩදාසියට ගෙනේ

යසෝදරා වත ගලනා දොළ වතුර
ළසෝ තැවුල් පැදකුණු කළ දිව මතුර
බිසෝ කොටුව උතුරන කඳුලක සුතුර
රසෝඝයක උල්පත උතුරයි මිතුර

තඹවන් වන්නි හත්පත්තුව පුත්තලම
රඹවන් මඩක මැඩියන් දඟ කස්තිරම
මීමුන් ලගින සැණකෙළියකි වක්කලම
සයිමන් වින්ද රුව ගුණ සුවඳක මහිම

එරි එරි මඩේ ඇදෙනා බරකරත්තය
මුහුදක ගැඹුර නොසිඳෙන ලුණු පොලොත්තය
හිම කඳු සිහින දියවෙන දිය කඩිත්තය
අනිමිස සතුට උතුරන හද පෙරැත්තය

මුල්ලේගමින් තාමත් අහසට නඟින
නොනිමෙන දුමකි නිලඹර සිතුවම් අඳින
විහඟෙකි වලාකුළු ගඟ විනිවිද සරන
කිරලෙකි සීත රෑ සංකාවෙන් හඬන

සංසාරයේ ආරණ්‍යය අසබඩක
ඇදෙනා රුවකි පුරහඳ පායන රැයක
උරනා දුමක සහ මීරස මීවිතක
උනනා සිහිනයකි සැඟවෙන මඳනලක

හඬනා රැහේ දාඩිය බේරෙන වැස්ස
දිලෙනා පබළු පිරි උඳුපියලිය බිස්ස
වැටිලා හිඳින්නට ඊතණ දඬුමැස්ස
සොබනා සිතින් එව යසලාලක තිස්ස

කුමාර හෙට්ටිආරච්චි

Related articles

ඉරාන යුද්ධය සහ ලංකාවේ අභියෝගය !

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ මිලිටරි ප්‍රහාරය සමග මැද පෙරදිග ඇතිව තිබෙන...

ලේ සහ සලේ !

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන...

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...