බිශ්නෝයිගේ අමුතු වර්ධනය

Share post:

අයි.සී.සී ග්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන් අතර පෙරමුණෙහි පසුවන රවී බිශ්නෝයිගේ ශ්‍රේණිගත කිරීම් වෙනස් වූ අයුරු. 2023. 11. 22 – ඔහු ශ්‍රේණිගත කිරීම් වල 19 වන ස්ථානයේ පසුවිය.

මෙම ලයිස්තුවේ ඔහුට ඉදිරියෙන් වූ එකම ඉන්දියානුවා වූ ආර්ශ්දීප් සිංග්ට 15 ස්ථානය හිමිව තිබුණි.
ඉන් ඉහළ එකඳු ස්ථානයක් හෝ ඉන්දියානුවෙකුට වෙන්ව තිබුණේ නැත.

ඉන්පසු දිනයේ එනම් නොවෙම්බර් 23 වන දා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර, තරග පහකින් යුත් T20 තරගාවලිය ආරම්භ විය.
පළමු තරගයේ රවී බිශ්නෝයි පන්දුවාර හතරක් යවා ලකුණු 54ක් ලබා දුන් අතර දවා ගත්තේ එක කඩුල්ලක් පමණි.
නොවෙම්බර් 25 වන විට ඔහු T20 ශ්‍රේණිගත කිරීම් වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 18 වෙනි ස්ථානයේ පසුවිය.
නොවෙම්බර් 26 දෙවන T20 තරගය පැවැත්වුණි.

එහිදී රවී බිශ්නෝයි පන්දුවාර හතරක් යවා ලකුණු 32කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.
නොවෙම්බර් 28 පැවැති තුන්වන තරගයේ රවී බිශ්නෝයි සිය පන්දුවාර හතර අවසානයේ ලකුණු 32කට කඩුලු දෙකක් දවාගෙන තිබුණි.
තරගාවලියේ සිව්වන තරගය දෙසැම්බර් 1 දා පැවැති අතර එම තරගයේ රවී බිශ්නෝයි සිය පන්දුවාර හතරට එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 17කටය.
දෙසැම්බර් පළමුවැනිදා නවතම අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් අනුව රවී බිශ්නෝයි T20 ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයට පැමිණ තිබුණි.

ඒ අනුව ඔහු දින දහයක් තුල, තරග හතරකින් ශ්‍රේණිගත කිරීම් හි අංක 19 සිට අංක 1 දක්වා පැමිණීමට සමත්ව තිබේ.
එම තරග හතර තුල ඔහු දවාගෙන ඇත්තේ කඩුලු හතක් පමණි.

මෙය ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අඩුම කාලයකින්, අවම දක්ෂතාවයකින් ශ්‍රේණිගත කිරීම් වල ලබා ගත් ඉහළම දක්ෂතාවය ලෙස සැලකිය හැක.
23 හැවිරිදි රවී බිශ්නෝයි T20 තරග 21ක් ක්‍රීඩා කර කඩුලු 34ක් දවාගෙන තිබේ.

මෙය යම් ක්‍රීඩකයෙක් අවම තරග ගණනකින් ICC ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණට පැමිණි අවස්තාවක් ද වේ.

ඉරේෂාන් සිරිවර්ධන (fb) 2023. 12. 11

Related articles

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...