වර්තමානයේ ලොවම කතාබහ කරනනැපෝලියන් දෙවැනිවරටත් විකටයකු වීද ?

Share post:

ඇමෙරිකානු ජාතික ඇකඩමි සම්මානලාභි ලෝප්‍රකට නළු වොකින් පීනික්ස් ( Joaquin Phoenix : 1974 ) එක් රැයකින් මුලුමහත් ලොවෙහිම අතිශයින්ම ජනප්‍රිය හොලිවුඩ් තරුවක් බවට පත්වූයේ ඇමෙරිකානු ජාතික නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂකවරයකු වන ටැඩ් පිල්ප්ස් ( Tadd Phillips ) විසින් අධ්‍යක්ෂණය කරන ලද The Joker – 2019 චිත්‍රපට තුළිනි. එහි ප්‍රධාන චරිතය වන විකටයා ගේ ( Joker ) චරිතය ඔහු කොතරම්ම අපූරුවට නිරූපණය කළාද කිවහොත්, ඒ වෙනුවෙන් ඔහුට 2020 දී පවත්වන ලද ඇකඩම් සම්මාන උළෙල දී ( Academy Award – 2020 ) වසරේ හොදම නළුවාට හිමි සම්මානය ( Best Actor of the Year – 2020 ) ද හිමිවිය .

ඉක්බිතිව ඔහු පිළිබඳව මුලුමහත් ලෝකයම කතාබහ කරන ලද්දේ … වර්තමානයේ ලොවපුරා අතිශයින්ම සාර්ථකව ප්‍රදර්ශනය වන බ්‍රිතාන්‍ය ජාතික අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂ රෙඩ්ලි ස්කොට් ( Ridley Scott 1937 ) විසින් අධ්‍යක්ෂණය කරන ලද NAPOLEON – 2023 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන හිටපු ප්‍රංශ මහා අධිරාජ්‍යයකු වූ නැපෝලියන් බොනපාට්ගේ ( Napoleon Bonaparte ) චරිතය මුලුමහත් ලෝක ප්‍රේක්ෂකාගාරයම අමන්දානන්දයට පත් කරමින් විශිෂ්ට ආකාරයෙන් නිරූපණය කිරීම හේතුවෙනි .

2024 වර්ෂයේ දී පීනික්ස් තමා කෙරෙහි ලෝක ප්‍රේක්ෂකාගාරයේ අවධානය යළිදු වතාවක් දිනාගැනීමට සූදානම්ව සිටින්නේ ය. ඒ ටැඩ් පිල්ප්ස් විසින් අධ්‍යක්ෂණය කරන Joker : Folie a Deux ~ 2 චිත්‍රපටය තුළිනි . මෙම චිත්‍රපට 2024 ඔක්තෝබර් මස 04 වැනි දින ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත.

මගේ සටහන

රෙඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කරන ලද Gladiator – 2000 චිත්‍රපටයේ පීනික්ස්
විසින් කොමෝඩොස් ( Commodus ) පාලකවරයා ලෙස ඉතා ප්‍රශස්ථ රංගනයක් ඉදිරිපත් කළ නමුදු එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද ඕස්ට්‍රේලියානු ජාතික හොලිවුඩ් නළු රසල් ක්‍රෝ ගේ ( Russell Crowe ) වීරත්වයේ සෙවණැල්ල හමුවේ ලෝක ප්‍රේක්ෂකාගාරයේ අවධානය පීනික්ස් කෙරෙහි හිමි නොවුණි. ඒ වීරත්වයට හා එහි ස්භාවයට ලෝක ප්‍රේක්ෂකාගාරය එදා මෙදාතුර මහත් සේ ඇලුම් කරන බැවිනි. මෙය සාමාන්‍ය භාෂාවෙන් කිවහොත් රිදී- තිරයේ වීරයාට ප්‍රේක්ෂකාගාරය ඔල්වරසන් දී අත්පුඩි ගසමින් විසිල් ගසන අතර දුෂ්ටයාගේ චරිතයට වෛර කරමින් “හූ” තියන්නේ ය.
මගේ පෞද්ගලික කියවීමට අනුව පීනික්ස් අතිශයින්ම දුර්ලභ රංග ප්‍රතිභාවකින් හෙබි සිනමා රංගවේදියකු ( රූපණවේදියකු ) වන්නේ ය. එනම් ඒ ඔහු විටෙක ලෝක ප්‍රේකෂකාගාරය තමා රගපාන Joker චරිතයට වසඟ කර ගැනීමටත් තවත් විටෙක ලෝක ඉතිහාසයේ අති දැවැන්ත පෞරුෂයකින්
හෙබි මහා අධිරාජ්‍යයකු වූ නැපෝලියන් බොනපාට්ගේ චරිතය අතිවිශිෂ්ට ආකාරයෙන් නිරූපණය කරමින් ලෝක ප්‍රේක්ෂකාගාරය දෙවැනිවරටත් තම වසඟයට ගැනීමත් සමත් වීමයි. දැන් ඔහු Joker – 2 චිත්‍රපටය තුළින් තෙවැනිවරටත් ලෝක ප්‍රේක්ෂකාගාරයම තමාගේ වසඟයට ගැනීමට සූදානම්ව සිටින්නේ ය .

හොලිවුඩ් සිනමාව තුළ විටෙක දුෂ්ටයකු ලෙසද තවත් ටිටෙක විකටයකු ලෙස ද තවත් විටෙක දැවැන්ත පෞරුෂයකින් හෙබි වීරයකු ( අධිරාජ්‍යයකු ) ලෙසද එක සමාන රංග රිද්මයකින් ( Acting Rhythm ) තම චරිතයට ඉහළම සාධාරණ ඉෂ්ට සිද්ධ කිරීම එතරම්ම ලේසි පහසු කාර්යයක් නම් නොවේ. ඊටත් වඩා එය ලෝක ප්‍රේක්ෂකාගාරයෙහි සදා නොමියන චරිතයක් බවට පත් කිරීම ඊටත් වඩා අසීරු හා බැරෑරුම් කාරයයක් වන්නේ ය.

මෙවන් ඉතා පුලුල් රංගන ධාරිතාවක් ( Very Highly Acting Capacity ) හිමි ලොව නළු- නිළියන් බිහිවන්නේ ඉතා කලාතුරකිනි. එහිලා ඔහු හෝ ඇය රංගනය පිළිබඳව තම ප්‍රතිභාවට අමතරව ව්‍යුපත්තිය හා සතසාභ්‍යාස නිබඳව ප්‍රගුණ කළ යුත්තේ ය. සාමාන්‍යයෙන් අප කට-වචනයෙන් ” Born Actors” ලා යයි කියන්නේ මෙවන් නළුවන්ට ය .

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...