මනුශ්‍යත්වය දෝරෙ ගලාගිය රාත්‍රියක සුන්දරත්වය ….

Share post:

ස්ථානය – අඹ සෙවන උත්සව ශාලාව කෑගල්ල, දිනය 2023-12-09
මොරසූරන වරුසාවක් පතිත වෙලා පරිසරයම තෙත බරිත වෙලා තිබුනු සැන්දෑවෙ හදවත තෙත් වුනු සහුර්ධයින් ගෙන් ශාලාව පිරීගියේ රටම අදුරේ ගිලුනු මොහොතක …ඒ මැල්කම් මචාඩො එහෙමත් නැත්නම් අපේ ආදරය දිනූ මැල්කා නම් රංගන පෞරුෂය අගයන රාත්‍රිය.. උත්සව සභාව ඇරඹූ නිවේදකයා උපුටාගත්තේ ප්‍රියන්ත කොඩිප්පිලි මැල්කා ගැන ලියූ කවියකින්..මචාඩෝ ගේ රංගනය ගැන කෙටියෙන්ම සියලු දේ කියවෙන ඒ ජනප්‍රිය කවිය ඒ අවස්තාවට වඩාත් උචිත විය..

අතිශය සුන්දර රංගධරයකුට ආදරය දක්වන්නට රැස්ව සිටි හිතවතුන් පලමුවෙන්ම අමතපු විල්සන් පීරිස් සහෝදරයා ප්‍රකාශ කලේ අපගේ කතානායකයා වේදිකාවෙ, සිනමාවෙ, මෙන්ම පුංචි තිරයේ දාකත්වය දුන් සියලු චරිතවල මැල්කම් මචාඩෝ නොදුටු අපි ඔහු පන පෙවූ චරිතය පමනක් දුටුව බවයි… එය විචාරශීලිව තහවුරු කරමින් සිය දේශනය ඉදිරිපත් කල මහේෂ් හපුගොඩ හඳගම – මචාඩෝ සුසන්යෝගය මචාඩෝ නම් රංගධරයා සමාජගත කරන්නට ඉවහල් වූ බව සදහන් කලේ සුපුරුදු විචාරශීලි, න්‍යායාත්මක කරුණු එකතු කරමින්.. අතරින් පතර සියපියා අගයන සුන්දර සැන්දෑව ගීතවත් කල මචාඩෝ ගේ දියනියන් සමග එකතු වූ බොකලවල ගුරුතුමන්ගේ දරුවන් ලබා දුන් දායකත්වය මනරම් රාත්‍රියේ සුන්දරත්වය තිව්ර කරන්නට සමත් විය..

ඒ සුන්දර රාත්‍රියේ ප්‍රධාන දේශනය කල රංගධර මහාචාර්ය සෞම්‍ය ලියනගේ ඉතාමත් අර්ථපූර්ණ රසවත් දේශනයක් කල අතර. රංගනය සහ රංගධරයකුගේ භූමිකාව පිලිබද මෙතෙක් මා ඇසූ අතිශය පිරිපුන් ,සරල,මෙන්ම රසවත් දේශනය එය බව සටහන් කරන්නේ මා හිතවත් මහාචාර්ය ලියනගේට ගෞරවය මෙන්ම ආදරය ද පුදකරමිනි. සාහිත්‍ය වේදීන් , විචාරකයින් සහභාගිත්වයෙන් පෑවති උත්සවයේ වෙනදා එවැනි උත්සව වල වේදිකාවේ සිට හරවත් දේශනයක් කරන චූලානන්ද සමරනායක මා අසල සිට මැල්කාගේ රංගනය ගැන එක වාක්‍යකින් ප්‍රකාශ කරමින් පැවසුවේ මැල්කා යනු රනිල් වික්‍රමසිංහටත් වඩා හොදට රගපෑමට හැකි නලුවෙකු බවයි……

උත්සවයේ අවසන් හෝරා කීපය සංගීතය සමග මුසුවුනු සාදය මැල්කාගේ හඩින් ගීතවත් වෙද්දී කව්රු කව්රුත් තම තමන්ගේ රිද්මයට එක්කල නර්තණය පැවසුවේඒ මනරම් රාත්‍රියේ සුන්දරත්වයේ උච්චතම අවස්තාව එලඹ ඇති බවයි… ඒ අතිශය සුන්දර රාතියට සමුදෙන්නට පෙර සියලු දෙනාම එකහෙලාම පැවසූ සුභ පැතුම …. “ආදරෙයි මැල්කා.”..

අනුර දයාරත්න

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...