පුද්ගලයන් 18,000ක් මරාදැමුණු පසුවත් ඇමෙරිකාවේ නිෂේධ බලය ගාසා යුද්ධය තවත් අවුළුවයි !

Share post:

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධයේ දී ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉල්ලීම ඇමරිකාව නිෂේධ බලය යොදා ගනිමින් ප්‍රතික්ෂේප කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත් යෝජනාවකට පක්ෂ ව තවත් සාමාජිකයන් 13 දෙනෙකු ඡන්දය ලබා දුන් අතර, බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි.

ආරක්ෂක මණ්ඩල කවුන්සිලයේ නිෂේධ බලය හිමි රටවල් 05ට අමතරව තවත් රටවල් 10ක් සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

මාස 02ක දීර්ඝ යුද්ධයෙන් ගෝලීය තර්ජනයක් පිළිබඳ 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයට විධිමත් ලෙස අනතුරු ඇඟවීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් මෙම ඡන්ද විමසීම සිදු කර තිබිණි.

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පුද්ගලයන් 17,480කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි.

හමාස් ප්‍රහාරවලින් පුද්ගලයන් 1,200ක් මිය ගිය ගොස් තවත් පුද්ගලයන් 240ක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ඊශ්‍රායලය පවසා තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...