පුද්ගලයන් 18,000ක් මරාදැමුණු පසුවත් ඇමෙරිකාවේ නිෂේධ බලය ගාසා යුද්ධය තවත් අවුළුවයි !

Share post:

ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධයේ දී ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉල්ලීම ඇමරිකාව නිෂේධ බලය යොදා ගනිමින් ප්‍රතික්ෂේප කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත් යෝජනාවකට පක්ෂ ව තවත් සාමාජිකයන් 13 දෙනෙකු ඡන්දය ලබා දුන් අතර, බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි.

ආරක්ෂක මණ්ඩල කවුන්සිලයේ නිෂේධ බලය හිමි රටවල් 05ට අමතරව තවත් රටවල් 10ක් සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

මාස 02ක දීර්ඝ යුද්ධයෙන් ගෝලීය තර්ජනයක් පිළිබඳ 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයට විධිමත් ලෙස අනතුරු ඇඟවීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් මෙම ඡන්ද විමසීම සිදු කර තිබිණි.

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පුද්ගලයන් 17,480කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි.

හමාස් ප්‍රහාරවලින් පුද්ගලයන් 1,200ක් මිය ගිය ගොස් තවත් පුද්ගලයන් 240ක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ඊශ්‍රායලය පවසා තිබේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...