සුදුසුකම් නැති පශු වෛද්‍යවරුන් සේවයේ : ජිරාෆ්ගේ මරණයෙන් දෙහිවල තවත් අපකීර්තියට !

Share post:

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගැහැනු සත්ත්වයා පසුගිය බ්‍රහස්පතින්දා (07) මියගිය නමුත්, එම සත්ත්වයා සැබෑ ලෙසම මරාදැමූ බවට ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් චෝදනා කරයි.

ජනමාධ්‍ය අමතමින් ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් සඳහන් කළේ ජිරාෆ් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතකු ලෙස වර්ගීකරණය කර ඇති බවයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ජිරාෆ් සතුන් පිළිබඳ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුවී තිබූ බවත්, ඔවුන්ගේ සංරක්ෂණ ප්‍රයත්නයන් පිළිබඳ වැඩි අවධානය යොමුකෙරුණු බවත් ඔහු සඳහන් කරයි.

මෙම ජිරාෆ්ගේ මරණය ස්වාභාවික මරණයක් නොව, හානියක ප්‍රතිඵලයක් බවට ඔහු සෘජු ව චෝදනා කර සිටී.

මෙම සත්ත්වයාගේ මරණය දෙහිවල සත්වෝද්‍යානයට සැලකිය යුතු අපකීර්තියක් අත්කරදෙන බව ද ඔහු අවධාරණය කරයි.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින සුදුසුකම් නොමැති පශු වෛද්‍යවරයකු, සතුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා වහාම ඉවත්කරන ලෙස බලකරමින් සංගමය අමාත්‍යාංශයට නොයෙක් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...