සුදුසුකම් නැති පශු වෛද්‍යවරුන් සේවයේ : ජිරාෆ්ගේ මරණයෙන් දෙහිවල තවත් අපකීර්තියට !

Share post:

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගැහැනු සත්ත්වයා පසුගිය බ්‍රහස්පතින්දා (07) මියගිය නමුත්, එම සත්ත්වයා සැබෑ ලෙසම මරාදැමූ බවට ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් චෝදනා කරයි.

ජනමාධ්‍ය අමතමින් ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් සඳහන් කළේ ජිරාෆ් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතකු ලෙස වර්ගීකරණය කර ඇති බවයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ජිරාෆ් සතුන් පිළිබඳ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුවී තිබූ බවත්, ඔවුන්ගේ සංරක්ෂණ ප්‍රයත්නයන් පිළිබඳ වැඩි අවධානය යොමුකෙරුණු බවත් ඔහු සඳහන් කරයි.

මෙම ජිරාෆ්ගේ මරණය ස්වාභාවික මරණයක් නොව, හානියක ප්‍රතිඵලයක් බවට ඔහු සෘජු ව චෝදනා කර සිටී.

මෙම සත්ත්වයාගේ මරණය දෙහිවල සත්වෝද්‍යානයට සැලකිය යුතු අපකීර්තියක් අත්කරදෙන බව ද ඔහු අවධාරණය කරයි.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින සුදුසුකම් නොමැති පශු වෛද්‍යවරයකු, සතුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා වහාම ඉවත්කරන ලෙස බලකරමින් සංගමය අමාත්‍යාංශයට නොයෙක් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...