ඖෂධ අධිමාත්‍රාවක් ලබාදීම නිසා සත්තු වත්තේ ජිරාෆ්ලා 2න් එක් සතෙකු මිය යයි !

Share post:

සිහි නැති කිරීමේ ඖෂධ අධමාත්‍රාවක් ලබාදීම හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් සතෙකු මියගොස් තිබේ.

ප්‍රතිජීවක එන්නතක අසාත්මිකතාවක් හේතුවෙන් මෙම සත්ත්වයා මියගියේ යැයි පශු වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බව ජාතික සත්ත්වෝද්‍යානයේ නව අධ්‍යක්ෂ රංජන් මාරසිංහ පවසයි. සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පාදයක ආබාධයකට බෙහෙත් කිරීම සඳහා ඊයේ (07) මෙම සත්ත්වයා සිහිනැති කිරීමෙන් පසුව නැවත ප්‍රකෘති තත්ත්වයට නොපැමිණි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ජාතික සත්ත්වෝද්‍යානයේ සතුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු යැයි පරිසරවේදීන් දිගින්-දිගටම පෙන්වා දී තිබුණද, තවදුරටත් එක ම දේ සිදුවීම අතිශය කනගාටුවට කරුණක් බව පරිසර ක්ෂේත්‍රයේ විද්වත්හු අවධාරණය කරති.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...