ඖෂධ අධිමාත්‍රාවක් ලබාදීම නිසා සත්තු වත්තේ ජිරාෆ්ලා 2න් එක් සතෙකු මිය යයි !

Share post:

සිහි නැති කිරීමේ ඖෂධ අධමාත්‍රාවක් ලබාදීම හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් සතෙකු මියගොස් තිබේ.

ප්‍රතිජීවක එන්නතක අසාත්මිකතාවක් හේතුවෙන් මෙම සත්ත්වයා මියගියේ යැයි පශු වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බව ජාතික සත්ත්වෝද්‍යානයේ නව අධ්‍යක්ෂ රංජන් මාරසිංහ පවසයි. සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පාදයක ආබාධයකට බෙහෙත් කිරීම සඳහා ඊයේ (07) මෙම සත්ත්වයා සිහිනැති කිරීමෙන් පසුව නැවත ප්‍රකෘති තත්ත්වයට නොපැමිණි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

ජාතික සත්ත්වෝද්‍යානයේ සතුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු යැයි පරිසරවේදීන් දිගින්-දිගටම පෙන්වා දී තිබුණද, තවදුරටත් එක ම දේ සිදුවීම අතිශය කනගාටුවට කරුණක් බව පරිසර ක්ෂේත්‍රයේ විද්වත්හු අවධාරණය කරති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...