ශානි අබේසේකර අනතුරකින් මරා දැමීමේ කුමන්ත්‍රණයක් : නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

Share post:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරකට ලක් කර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (04) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මේ බව දැනුම් දුන්නේ ශානි අබේසේකර විසින් තමන්ගේ ආරක්ෂාව තරකරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලා ඇත.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය පවසා ඇත්තේ බුද්ධි අංශ වාර්තාවකින් ශානි අබේසේකර මරාදැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇති බවත්, නීතිපතිවරයා ශානි අබේසේකරගේ ආරක්ෂාව වැඩි කිරීමට එකඟ වී ඇති බවත් ය.

ශානි අබේසේකරගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් භටයන් සපයා නැති බවත්, පොලිස් නිලධාරීන් තිදෙනකු සහ යතුරු පැදියක් පමණක් ලබා දී ඇති බවත් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මෙහිදී අවධාරණය කර තිබේ.

එසේ ම පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මගින් පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණත්, එය මේ දක්වා ඉටුවී නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත.

මේ පිළිබඳ සුදුසු පියවර ගැනීමට පෙත්සම දෙසැම්බර් 14දා කැඳවන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...