ශානි අබේසේකර අනතුරකින් මරා දැමීමේ කුමන්ත්‍රණයක් : නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

Share post:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරකට ලක් කර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (04) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මේ බව දැනුම් දුන්නේ ශානි අබේසේකර විසින් තමන්ගේ ආරක්ෂාව තරකරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලා ඇත.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය පවසා ඇත්තේ බුද්ධි අංශ වාර්තාවකින් ශානි අබේසේකර මරාදැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇති බවත්, නීතිපතිවරයා ශානි අබේසේකරගේ ආරක්ෂාව වැඩි කිරීමට එකඟ වී ඇති බවත් ය.

ශානි අබේසේකරගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් භටයන් සපයා නැති බවත්, පොලිස් නිලධාරීන් තිදෙනකු සහ යතුරු පැදියක් පමණක් ලබා දී ඇති බවත් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මෙහිදී අවධාරණය කර තිබේ.

එසේ ම පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය මගින් පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණත්, එය මේ දක්වා ඉටුවී නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත.

මේ පිළිබඳ සුදුසු පියවර ගැනීමට පෙත්සම දෙසැම්බර් 14දා කැඳවන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.

Related articles

“අපි හැමෝම තේ කොළ වගේ ඈන්මරී. උණුවතුරෙ පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන හැකියාව.”

උක්ත උපුටනය විරාජිනී තෙන්නකෝන් නම් ලියන්නිය විසින් වැවූ කැමෙලියා දල්ලකින් කඩා ගත්තකි. උණූවතුරේ පැසෙන්නා වූ තේ කොළ මේ...

“ඔව්, මං සරාගිකයි. රාගික සිතුවිලි වැඩියි.” ‘ප්‍රේමයේ මහඇදුරු’ පටන් ගන්නෙ එහෙම

"මනෝවිද්‍යාත්මකව ගැහැනිය ඒක පුරුෂ නැහැ. බහු පුරුෂයි. පිරිමියා ඒක භාර්යා නැහැ. බහු භාර්යායි. කිසිම පිරිමියෙක් කවමදාක්වත් එක ගැහැනියකගෙන්...

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි. තවදුරටත් එය සිදු විය කියන්නට නොහැකිය. එය සැලසුම් සහගත...

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පසුවන්නේ අධික...