තරුණ තේරීම් කමිටු සභාපති කුමක් කරයිද ?

Share post:

කුල්ල, කුජීත වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් අහන්න ලැබුණු අලුත්ම ආරංච්ය තමයි 38 හැවිරිදි වියේ පසුවන මෙරටින් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙක් වූ උපුල් තරංග තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමයි. එය දැන් කාටත් රහසක් නොවේ.

තරුණ වියේ පසුවන තරංග පත් කිරීමත් සමග එකපාරටම මේ කුමක්දැයි යනුවෙන් මිනිස්සු විමසන බවක් පෙනී යනවා. ඒ කාලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් පල නොකියා පලා බෙදු තරංගව ලංකාවේ තේරීම් කමිටුවේ සභාපති විදියට අද පත් කරලා තියෙනවා.

කටු ඔටුන්නේ වගකීම භාරගත් තරංගගේ දක්ෂතා ගැනනම් කිසිදු සැකයක් නැහැ. ඇත්තටම ඔහුට ජාත්‍යන්තර පිටියේ තවමත් ක්‍රිකට් ගහන්න හයිය තියෙනවා. තරංගට ටෙස්ට් , එක්දින, 20යි 20 ජාත්‍යන්තර පිටියේ තරග 292 ක අත්දැකීම් තියෙනවා.

Test
Matches 31 / Runs 1754 / 50s 8 / 100s 3

ODI
Matches 235 / Runs 6951 / 50s 37 / 100s 15

T20I
Matches 26 / Runs 407

විශිෂ්ට ආරම්භක පිතිකරුවෙක් වූ තරංග එදා ඩිල්ෂාන් සමග එක්ව ආරම්භක පිතිකරුවෙක් විදියට කළ මෙහෙවර, පිහිටවූ වාර්තා තවමත් අපිට මතකයි.
වර්තමානය වනවිට මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ධුරයට පත් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

ලෝක කුසලාන පරාජයෙන් පසු පකිස්ථාන තේරීම් කමිටු සභාපති ලෙස 38 හැවිරිදි වහබ් රියාස් පත් කිරීම ආසන්නතම උදාහරණයයි.
ඊට අමතරව,

ඉන්දියාව – අජිත් අගාර්කා (Age 46)
ඔස්ට්‍රේලියාව – ජෝර්ජ් බේලි (Age 41)
එංගලන්තය – ලූක් රයිට් (Age 38)

මෙයින් ජාත්‍යන්තර ටෙස්⁣ට් තරග අත්දැකීම් නැත්තේ එංගලන්තයේ ලූක් රයිට් ට පමණයි.

එලෙස තරුණයින් තේරීම් කමිටු සභාපතිවරු ලෙස පත් කිරීමේ අරමුණ වන්නේ ඔවුන් මෑතකාලීනව ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින් බැවින් මේ වකවානුව තුළ සිටින ක්‍රීඩකයින් සහ තරග රටාව පිළිබඳ හොඳ අවබෝධක් තිබීම තුළින් කණ්ඩායම ජයග්‍රාහී මාවතකට යොමුකර ගැනීමයි.
ICC සාමාජිකත්වය තහනම් වූ රටක ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති පුටුවේ වගකීම ගත් තරංගට හරි තීරණ ගන්න, ස්වාධීනව වැඩ කරන්න, ක්‍රිකට් පිටිය තුළ ඔහු ප්‍රේක්ෂකයින්ගෙන් දිනාගත් විශ්වාසය තවදුරටත් තහවුරු කරගෙන වැඩකරන්න අවස්ථාව හිමිවෙයිද?
නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන් තරංගත් කුල්ල, කුජීත වී යයිද? අපි බලා සිටිමු!

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...