PTA : එක්සත් ජාතීන් – යුරෝපා සංගමය – ඇමෙරිකාව එක්ව ශ්‍රී ලංකා රජයට කනස්සල්ල පළකරයි !

Share post:

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජනපදය සිය කනස්සල්ල පළකර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් 10ක් පසුගිය සතියේ මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පවසා ඇත.

යුද්ධයේදී මියගිය දෙමළ ජනතාව සිහිකිරීමේ උත්සවයක් පැවැත්වීම හෝ ඊට සහභාගිවීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර “මානව හිමිකම් බැඳීම් උල්ලංඝනය කරන සහ අවලංගු කරන නීතිය භාවිත කිරීම සම්බන්ධයෙන් රජය විසින් පොරොන්දු වූ තාවකාලික තහනමට පටහැනි වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෑතදී සිදුකර තිබෙන අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අපි කනස්සල්ලට පත්ව සිටිමු” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
යුරෝපා සංගමය පවසා ඇත්තේ, රජය ඔවුන්ගේ කැපවීම් අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම නැවැත්විය යුතු බවයි.

“අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම ගැන සැලකිලිමත් වෙනවා. බලධාරීන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට සහ මානව හිමිකම් සම්මුතිවලට අනුකූලව නීති සම්පාදනය කළ යුතු අතර, ඒ අතරතුර ඔවුන්ගේ කැපවීම් අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම නැවැත්විය යුතුය” යනුවෙන් යුරෝපා සංගමය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මානුෂීය ලෙස සැලකීම සහතික කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් ද ප්‍රකාශ කර ඇත.

“සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම සහ සිරගෙවල්වල සිටින රැඳවියන්ට සැලකීම ගැන අසන්නට ලැබීම වැදගත්. අත්අඩංගුවේ සිටින අයට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මානුෂීය ලෙස සැලකීම සහතික කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම රජය සිය අන්තර්ජාතික කැපවීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමට සහ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බැවින්, මූලික නිදහස ආරක්ෂා කළ යුතුයි” යැයි ඇය ප්‍රකාශ කරයි.

මේ අතර එක්සත් රාජධානිය සහ කැනඩාව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් අදහස් පළකර තිබිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...