ජාතික ඖෂධ නියාමන ක්‍රියාවලිය මගහැර ව්‍යාජ බෙහෙත් ගෙන්වීමේ කෙහෙළියගේ තීන්දුව ගැන තවත් රහස් එළියට !

Share post:

රාජ්‍ය අංශයේ රෝහල්වලට ව්‍යාජ ඖෂධ ගෙන්වීමට හේතු වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වේගවත් හදිසි ප්‍රසම්පාදන යෝජනා ක්‍රමය පිළිබඳ තවත් ලේඛනගත සාක්ෂි රැසක් මතු වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

ප්‍රධාන නිලධාරීන් අතර හුවමාරු වී ඇති ලිපිවලින් පෙනීගොස් ඇත්තේ මෙම සැලැස්ම පසුගිය වසරේ සැප්තැම්බර් මස මුල් භාගයේදී ක්‍රියාත්මක වූ බවයි.

එම මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ඉන්දීය ක්‍රෙඩිට් ලයින් (ICL) භාවිත කර පෞද්ගලික සැපයුම්කරුවන් හරහා ඖෂධ මිලදී ගැනීමට තීරණය කළ බවයි.

මිලදී ගැනීම ‘හදිසි ප්‍රසම්පාදන ක්‍රමයක්’ යටතේ සිදුවනු ඇති බවත් අපේක්ෂිත ඇනවුම් නොසලකා හැරිය යුතු බවත් එමගින් දැනුම්දී තිබේ.

මෙයින් අදහස් වන්නේ අවශ්‍ය තොග ඇති වුවද, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෝරාගත් සැපයුම්කරුවන්ට ඉන්දීය ක්‍රෙඩිට් ලයින් යටතේ අමතර කොන්ත්‍රාත් ලබාදෙන බවයි.

එම නව ක්‍රමය ජාතික ඖෂධ නියාමන ක්‍රියාවලිය මගහරිමින්, සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ සැපයුම්කරුවන්ට අනවශ්‍ය දීමනා ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ අනුදැනුම ඇතිව කුඩා නිලධාරීන් සමූහයක් හරහා සිදු කිරීමට සැලසුම් කර තිබී ඇතැයි ද අදාළ පුවත්පත් වාර්තාව සඳහන් කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...