ජාතික ඖෂධ නියාමන ක්‍රියාවලිය මගහැර ව්‍යාජ බෙහෙත් ගෙන්වීමේ කෙහෙළියගේ තීන්දුව ගැන තවත් රහස් එළියට !

Share post:

රාජ්‍ය අංශයේ රෝහල්වලට ව්‍යාජ ඖෂධ ගෙන්වීමට හේතු වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වේගවත් හදිසි ප්‍රසම්පාදන යෝජනා ක්‍රමය පිළිබඳ තවත් ලේඛනගත සාක්ෂි රැසක් මතු වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

ප්‍රධාන නිලධාරීන් අතර හුවමාරු වී ඇති ලිපිවලින් පෙනීගොස් ඇත්තේ මෙම සැලැස්ම පසුගිය වසරේ සැප්තැම්බර් මස මුල් භාගයේදී ක්‍රියාත්මක වූ බවයි.

එම මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ඉන්දීය ක්‍රෙඩිට් ලයින් (ICL) භාවිත කර පෞද්ගලික සැපයුම්කරුවන් හරහා ඖෂධ මිලදී ගැනීමට තීරණය කළ බවයි.

මිලදී ගැනීම ‘හදිසි ප්‍රසම්පාදන ක්‍රමයක්’ යටතේ සිදුවනු ඇති බවත් අපේක්ෂිත ඇනවුම් නොසලකා හැරිය යුතු බවත් එමගින් දැනුම්දී තිබේ.

මෙයින් අදහස් වන්නේ අවශ්‍ය තොග ඇති වුවද, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෝරාගත් සැපයුම්කරුවන්ට ඉන්දීය ක්‍රෙඩිට් ලයින් යටතේ අමතර කොන්ත්‍රාත් ලබාදෙන බවයි.

එම නව ක්‍රමය ජාතික ඖෂධ නියාමන ක්‍රියාවලිය මගහරිමින්, සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ සැපයුම්කරුවන්ට අනවශ්‍ය දීමනා ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ අනුදැනුම ඇතිව කුඩා නිලධාරීන් සමූහයක් හරහා සිදු කිරීමට සැලසුම් කර තිබී ඇතැයි ද අදාළ පුවත්පත් වාර්තාව සඳහන් කරයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...