වලාකුළු උද්‍යානය බාරගන්න කිසිවකු නෑ : මීතොටමුල්ල කුණු කන්ද යළිත් කඩාවැටීමේ අවදානමක් !

Share post:

මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක්ව තිබේ.

එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3,400ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබුණද, එම කටයුතු බාරගැනීමට මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැත.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් මීතොටමුල්ල කසළ කන්ද 2017 අප්‍රේල් මාසයේදී කඩාවැටිණි.

එහිදී පුද්ගලයන් 11ක් අතුරුදන් වී තවත් පුද්ගලයන් 32කට ජීවිත අහිමි විය.

හෙක්ටයාර් 08ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන මෙම කුණු කන්දේ උස මීටර් 48කි.

කුණු කන්ද තට්ටු පහක් ලෙස සකස් කර එහි උස මීටර් 33ක් දක්වා අඩු කර තිබෙන බවත්, කුණු කන්ද සංවර්ධනය කර කෞතුකාගාරයක් නිවාස සංකීර්ණයක් ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීමට නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවට එක් වූ නිලධාරීන් පවසා ඇත.

කසළ කන්ද ආශ්‍රිතව මෙතෙක් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නිරීක්ෂණය නොවන බැවින් එහි සූර්ය බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි වන බවට ද වාර්තාවක් මීට ඉදිරිපත් වී තිබේ.

ඡායාරුපය අන්තර්ජාලයෙන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...