වලාකුළු උද්‍යානය බාරගන්න කිසිවකු නෑ : මීතොටමුල්ල කුණු කන්ද යළිත් කඩාවැටීමේ අවදානමක් !

Share post:

මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක්ව තිබේ.

එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3,400ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබුණද, එම කටයුතු බාරගැනීමට මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැත.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් මීතොටමුල්ල කසළ කන්ද 2017 අප්‍රේල් මාසයේදී කඩාවැටිණි.

එහිදී පුද්ගලයන් 11ක් අතුරුදන් වී තවත් පුද්ගලයන් 32කට ජීවිත අහිමි විය.

හෙක්ටයාර් 08ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන මෙම කුණු කන්දේ උස මීටර් 48කි.

කුණු කන්ද තට්ටු පහක් ලෙස සකස් කර එහි උස මීටර් 33ක් දක්වා අඩු කර තිබෙන බවත්, කුණු කන්ද සංවර්ධනය කර කෞතුකාගාරයක් නිවාස සංකීර්ණයක් ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීමට නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවට එක් වූ නිලධාරීන් පවසා ඇත.

කසළ කන්ද ආශ්‍රිතව මෙතෙක් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නිරීක්ෂණය නොවන බැවින් එහි සූර්ය බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි වන බවට ද වාර්තාවක් මීට ඉදිරිපත් වී තිබේ.

ඡායාරුපය අන්තර්ජාලයෙන්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...