පුනරුත්ථාපනයට යොමු කළ අවුරුදු 14 දරුවාගේ මරණය ඝාතනයක් ?

Share post:

පහනක් සහ සීනුවක් සොරකම් කළ බවට චෝදනා කරමින් මඩකලපුව – කොක්කුවිල් පොලිසිය විසින් 14 හැවිරිදි නාරායනන් ආනන්දදේවන් දර්සාත් නමැති සිසුවෙකු පසුගිය නොවැම්බර් 16දා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවා නොවැම්බර් 17දා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ළමා පුනරුත්ථාපන කඳවුරකට ඇතුළත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

නොවැම්බර් 29 දින දරුවා මිය ගිය බවට දෙමාපියන්ට දැනුම් දී තිබේ.

අනතුරුව සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ දරුවාගේ සිරුරේ තුවාල සහ තැලුම් පහරවල් තිබූ බව ය.

කෙසේ වෙතත් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්දැයි දරුවාගේ පියා ප්‍රශ්න කර සිටියි.

දරුවාගේ මුරණ්ඩුකම මට්ටු කරන බව පවසමින් ළමා නිවාසයේ පාලකවරිය විසින් අදාළ පහරදීම් සිදු කර ඇති අතර, ඇය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය දරුවාගේ පාදයක අඟල් 2ක් පමණ වන ගැඹුරු තුවාලයක් තිබූ බව ද ඔහුගේ පියා පවසයි.

(ජෙගන් ගනේෂන්)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...