පුනරුත්ථාපනයට යොමු කළ අවුරුදු 14 දරුවාගේ මරණය ඝාතනයක් ?

Share post:

පහනක් සහ සීනුවක් සොරකම් කළ බවට චෝදනා කරමින් මඩකලපුව – කොක්කුවිල් පොලිසිය විසින් 14 හැවිරිදි නාරායනන් ආනන්දදේවන් දර්සාත් නමැති සිසුවෙකු පසුගිය නොවැම්බර් 16දා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවා නොවැම්බර් 17දා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ළමා පුනරුත්ථාපන කඳවුරකට ඇතුළත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

නොවැම්බර් 29 දින දරුවා මිය ගිය බවට දෙමාපියන්ට දැනුම් දී තිබේ.

අනතුරුව සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ දරුවාගේ සිරුරේ තුවාල සහ තැලුම් පහරවල් තිබූ බව ය.

කෙසේ වෙතත් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්දැයි දරුවාගේ පියා ප්‍රශ්න කර සිටියි.

දරුවාගේ මුරණ්ඩුකම මට්ටු කරන බව පවසමින් ළමා නිවාසයේ පාලකවරිය විසින් අදාළ පහරදීම් සිදු කර ඇති අතර, ඇය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය දරුවාගේ පාදයක අඟල් 2ක් පමණ වන ගැඹුරු තුවාලයක් තිබූ බව ද ඔහුගේ පියා පවසයි.

(ජෙගන් ගනේෂන්)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...