මහගමසේකරයන්ගේ ප්‍රිය බිරිය කුසුමලතා මහගමසේකර දිවි සැරිය නිමාකරයි

470

කුසුමලතා මහගමසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරිනියක් වූ අතර දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් ගම්පහ රත්නාවලිය ඇතුළු දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත. මිය යන විට ඇය 88 හැවිරිදි වියෙහි පසු වූවාය.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වන සිකුරාදා පෙරවරු 10 සිට තැන්පත් කර තබනු ලැබේ.

අවසාන කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහන පරිශ්‍රයේදී සිදු කෙරේ

අහස් ගඟ බඩ
හිමව් කුළු මත
ඔබේ රන් මිණි විමානේ..
පහන් දල්වා
තබනු මැන මා
නිදන කුටියට
පෙනෙන සේ..

-නොමියෙමි-

මහගම සේකර.