අනුශ්කා ශර්මා කෙනෙක් හොයාගන්න හදන වෙලාවේ හසින් ජහාන් කෙනෙක් නම් හොයාගන්න එපා!

Share post:

මේ කියන්නේ ඔබ නොදත් මොහොමඩ් ශාමි ගේ ජීවිතයේ එක් අඳුරු කතාවක්. ඔහුගේ බිරිඳ වුණේ හසින් ජහාන්. හැබැයි අනුශ්කා ශර්මා විරාට් කෝලි ගේ හැම ලකුණකටම චියර් කරනවා වගේ මොහොමඩ් ශාමි ගේ කඩුලු වලට කෑ ගහන්න හසින් ජහාන් හිටියේ නෑ.

මොහොමඩ් ශාමි 2015 දී තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අඩියටම වැටෙනවා. 2015 ලෝක කුසලානයේ දී සිදුවුණ ආබාධයක් නිසා ඔහුට මාස 18 ක් ක්‍රිකට් පිටියෙන් ඈත් වෙන්න සිද්ධ වුණා.

“මම නැවතත් ක්‍රිකට් පිටියට පිවිසෙන්න උත්සාහ කරද්දී, මට පෞද්ගලික ගැටලු කිහිපයක් හරහා යන්න සිද්ධ වුණා. මට මගේ පවුල මාත් එක්ක ඉන්නවා වගේ හැඟුණේ නෑ.”

“ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් පවුලේ අයට පුළුවන් ඒ ප්‍රශ්නය හොඳින් විසඳලා දෙන්න. හැබැයි ඒ ප්‍රශ්න වෙනකොට ඔවුන් මං ළඟ හිටියේ නෑ. මම තුන් පාරක් සියදිවි නසාගන්න පවා උත්සාහ කළා.”

මොහොමඩ් ශාමි ගේ බිරිඳ එක වතාවක් කියනවා ඔහු ක්‍රිකට් ගහන එක සාර්ථක අසාර්ථක වෙන එක ඇයට වැඩක් නෑ. ඇයට අවශ්‍ය වෙන්නේ මුදල් පමණයි කියලා.

2018 දී ඔහුගේ බිරිඳ අමුතුම චෝදනාවක් කරනවා. ඇය මොහොමඩ් ශාමි අතින් ගෘහස්ථ හිංසනයට ලක් වෙනවා වගේම ශාමි තරග පාවාදීම් චෝදනා වලටත් සම්බන්ධ බවට ඇය චෝදනා කළා.

මේ හේතුව හින්දම මොහොමඩ් ශාමිගේ ඉන්දීය ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අවලංගු කරලා ඔහුට විරුද්ධව පරීක්ෂණයක් කරන්නත් BCCI එක කටයුතු කරනවා.
අන්තිමට පරීක්ෂණය අවසන් වෙද්දි මොහොමඩ් ශාමි නිවැරැදි බවට ඔප්පු වුණා. ඔහුට නැවතත් ඉන්දීය කොන්ත්‍රාත්තුව හිමි වෙනවා.
මේ වෙනකන් සිදු වුණ සිද්ධි නිසා මොහොමඩ් ශාමි 2022 ජූලි 23 හසින් ජහාන් ගෙන් නීතිමය විදිහට වෙන් වෙනවා.
මේ වෙද්දි අනෙක් ක්‍රීඩකයෝ ගහපු මැච් ගාණෙන් බාගෙකට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගහලා 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දැනට වැඩිම කඩුලු ලාභියා වෙන්නෙත් ඔහු.

මොහොමඩ් ශාමි මුස්ලිම් නිසාම ගොඩක් වෙලාවට ට්‍රොල් වුණ ක්‍රීඩකයෙක්. මෑත කාලීනව ගොඩක් වෙලාවට ඉන්දියාව බිග් ස්ටේජ් එකකදී පරාජයට පත් වුණාම ගොඩක් වෙලාවට වැරදිකාරයා වුණේ ශාමි.

ඔහුට එහෙම වෙලාවක වෙන ක්‍රීඩකයෙක් ට ලැබෙන ෆැමිලි සපෝට් එකවත් තිබිලා නෑ. තුන් පාරක් සියදිවි නසාගන්න උත්සාහ කරන්නත් හේතු සාධක වෙන්නේ ඕවා.

මේ හැම සාධකයක්ම එක්ක පිතිකරණ පාරාදීස වල ඔහු තරග 6 කින් කඩුලු 23 ක් ලබා ගැනීම අසාමාන්‍ය දක්ශතාවයක්. හාර්දික් පණ්ඩයා ගේ ආබාධය නිසා අවස්ථාව ලැබිලා පන්දු යවන්නෙක් විදිහට ශාමි පෙන්වපු දක්ෂතාවය විශිෂ්ටයි.

ජයග්‍රාහකයා කවුරු වුණත් මේ කන්ඩිෂන්ස් වල තරගාවලියේ වීරයා විය යුත්තේ මොහොමඩ් ශාමි කියන එකයි මගේ පෞද්ගලික මතය.
ඒක කොයි විදිහට අවසන් වෙයිද කියන්න නම් මම දන්නේ නෑ. නමුත් ඔහු මෙම සම්මානයට 100% ක් ම සුදුස්සෙක්!

ශාමින්ද ජයරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...