ඉන්දියාව FINAL ගියත් කේන් විලියම්සන් ලෝකෙ දින්නා….

Share post:

එහෙනම් කොල්ලෝ කැත්තෙන් හරි, පොල්ලෙන් හරි ඉන්දියාව FINAL
කණ්ඩායම් 09කටම ඒක වළක්වන්න බැරිවුණා.
ඉන්දියාව එක්දින ලෝක කුසලානයක අවසන් තරගයකට යන්නේ 2011න් පස්සේ.
හැබැයි වි⁣⁣ශේෂත්වය තමයි 2011 ශ්‍රී ලංකාව පරද්දලා ලෝක කුසලානය දින්න වන්කඩේ ග්‍රවුන්ඩ් එකේදීම තමයි අද Semi Final මැච් එක තිබ්බෙත්.
මෙය ඉන්දියාව එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 4වෙනි අවස්ථාවයි

1983 Champions
2003 Runner up
2011 Champions
2023 ?

2019 ලෝක කුසලානයේදී ඉන්දියාව අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට පැරදුණත් අද නවසීලන්තයට එය සිදු කළ නොහැකි වුණා.
ඒ අනුව, 2019 අනු ශූරයින් වූ නවසීලන්තයේ මෙවර ලෝක කුසලානයේ ගමන අදින් අවසන් වුණා.
කෝලි 50වැනි ශතකයත් අද ලබා ගත්තා.

ඒ, ලොව වැඩිම එක්දින ශතක ලාභියාත් වෙමින්
ටීම් එකක් විදියට ඉන්දියාව ලොකු ලකුණු ගාණක් බෝර්ඩ් එකට දාලා තිබ්බ ප්‍රෙෂර් අවස්ථාවකත් කෝලි ළඟට ඇවිත් කේන් විලියම්සන් සුබ පතපු එක හැමෝම කතා කරනවා

ඒ වගේම ටෙනිස් ක්‍රීඩක විම්බල්ඩන් ශූර සර්බියාවේ novak djokovic කෝලිට සුබ පැතුම් පිරිනමා තිබෙනවා.
අද වන්කඩේ ක්‍රීඩාංගණයට පැමිණ සිටි සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ද කෝලිට සුබ පැතුම් එක් කළා.
අරවින්ද ද සිල්වා, විරේන්ද්‍ර ශෙවාග් සහ ඩයනා එඩුල්ජි ICC Hall of Fame සම්මානයෙන්ද පිදුම් ලැබුවේ මෙම තරගය අතරතුරදීය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ශාමි ලකුණු 57කට කඩුලු 7ක් දවා ගත්තා.
ලෝක කුසලාන තරගයක කඩුලු 7ක් දවාගත් පස්වැනි පන්දු යවන්නා බවට ශාමි අද පත්වුණා.

මීට පෙර එම දස්කම දැක්වූ පන්දු යවන්නන්

ග්ලේන් මැග්‍රාත් 15/7 (AUS)
ඇන්ඩි බිකෙල් 20/7 (AUS)
ටිම් සවුති 33/7 (NZ)
වින්ස්ටන් ඩේවිස් 51/7 (WI)

Mohammed Shami තමයි මෙවර ලෝක කුසලානයේ මේ වනවිට වැඩිම කඩුලු ලාභියා. (කඩුලු 23)
Mohammed Shami ලෝක කුසලාන කඩුලු 50 දවාගත් වේගවත්ම පන්දු යවන්නා බවටත් පත්වුණා. (තරග 17)

මිචෙල් ස්ටාක් (තරග 19)
ලසිත් මාලිංග (තරග 25)

නවසීලන්තය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ Daryl Mitchell පන්දු 119කදී ලකුණු 134ක් ලබා ගත්තා.
ඉන්දියාව සමග අවසන් සටනට තරග වදින්නේ ඔස්ට්‍රේලියාවද? දකුණු අප්‍රිකාවද?
තීරණයි තවත් පැය කිහිපයකින්..

චතුරංග රාජපක්ෂ (fb)

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...