එදා ප්‍රේක්ෂකාගාරයෙන් ඉන්දීය පන්දු යවන්නන්ට Boo ගාන තැනට පාගලා දාපු ක්‍රිකට් එකක් අපිට තිබුණා

Share post:

මේ පහුගිය දවසක Post එකක් share වුණා නේද Bat වල වෙනස්කම් සහ ඒවා Modern Cricket වලට බලපෑම් කරපු විදිහ, දැන් T20 සහ දැන් ODI වල වගේ පන්දුවා​රයකට ලකුණු 20- 25ක් වැදෙන එක සාමාන්‍යය වුණත් අර කාලයේ ඒක අසාමාන්‍ය දෙයක් වුණා..

මොහොමඩ් සිරාජ් ඉස්සරහ අපේ අය ඇඹරෙන එක ගැන කතා කරද්දී එළියට ආපු නම් දෙකක් තියෙනවා ඒ තමා සනත් ජයසූරිය සහ මනෝජ් ප්‍රභාකර්..
ඔය ලංකාව සහ ඉන්දියාව මැච් එකේ සචින් තෙන්දුල්කාර් (137) සහ මොහොමඩ් අස්රුඩින් (72) කියන දෙන්නාගේ ප්‍රහා​රයත් එක්ක ඉන්දියාව 271/3 ක ලකුණු පුවරුවක් හදාගන්නේ ඒ කාලයේ හැටියට දැවැන්ත ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් හදාගෙන…

ඊට පස්සේ ලංකාව පැත්තෙන් පන්දුවට පහර දෙන කොට සනත් ඉන්දියාවේ ඒ වෙලාවේ හිටපු සීනියර් පන්දු යවන්නෙකු වන මනෝජ් ප්‍රභාකර්ට අත දිග ඇරලා ගහනවා.. ඒක කොච්චර කැත ගැහිල්ලක් ද කියනවා නම් මනෝජ්ගේ පළවෙනි පන්දුවාර 02කටම ලකුණු 33ක් ගන්නවා..
සනත් කියනවානේ පාගලා දාන්න ඕන තැන පාගලා පොඩි කරලා දාන්න ඕන කියලා, සනත්ගේ ඒ Theory එක ක්‍රියාවට නංවපු තැනක් වෙන්න ඇති ඒ අවස්ථාවත්…

ඒ වේලාවේ විස්තර විචාරයේ හිටපු අපේ ක්‍රිකට්වලට අසීමිතව ආදරය කළ විස්තර විචාරක Tony Greig කියනවා මෙහෙම “Could be over in 15 overs,” කියලා, හේතුව අර කැතම ගැහිල්ල නිසා..

අනිල් කුම්බ්ලේ නැතිවෙන්න එදා සනත් තව කී දෙනෙකුට ක්‍රිකට් එපා කරවන්න තිබුණද කියලා හිතාගන්න බැරිවෙන්න තිබුණා.
යකා පිටියෙන් ගියා විතරයි හංගලා ඉඳපු මනෝජ් ආයෙත් පන්දු දාන්න ආවාම ප්‍රේක්ෂකාගාරය “Boo” කියලා කෑගහුවා කියලා සුප්‍රසිද්ධ Wisdon සඟරාව කියනවා, මනෝජ්ගේ පන්දුවාර 04ට ලකුණු 47ක් උදුරාගෙන හිටියලු ඒ වෙද්දී අපේ පිතිකරුවෝ, ඒ විතරක් නෙමෙයි මනෝජ්ට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උන්හිටි තැන්පවා එදා ඒ ප්‍රහාරයෙන් නැතිවෙලා ගියා.. එදායින් පස්සේ මනෝජ් කෙනෙක් පන්දුව අරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය පැත්ත පළාතක ආවේ නැහැ..

එදා ප්‍රේක්ෂකාගාරයෙන් ඉන්දීය පන්දු යවන්නන්ට Boo ගාන තැනට පාගලා දාපු ක්‍රිකට් එකක් අපිට තිබුණා කියලා හිතාගන්නවත් පුළුවන්ද? නේහේ…
එහෙම තිබුණු යුගයක්, අද වෙද්දී අපේ අය නැවතිලා තියෙන තැන සහ එතැන ඉඳන් ඉන්දීය කණ්ඩායම ආපු තැනයි විමසලා බලන්න වටින කා​රණයක්….

සංජේ රණවක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...