එදා ප්‍රේක්ෂකාගාරයෙන් ඉන්දීය පන්දු යවන්නන්ට Boo ගාන තැනට පාගලා දාපු ක්‍රිකට් එකක් අපිට තිබුණා

Share post:

මේ පහුගිය දවසක Post එකක් share වුණා නේද Bat වල වෙනස්කම් සහ ඒවා Modern Cricket වලට බලපෑම් කරපු විදිහ, දැන් T20 සහ දැන් ODI වල වගේ පන්දුවා​රයකට ලකුණු 20- 25ක් වැදෙන එක සාමාන්‍යය වුණත් අර කාලයේ ඒක අසාමාන්‍ය දෙයක් වුණා..

මොහොමඩ් සිරාජ් ඉස්සරහ අපේ අය ඇඹරෙන එක ගැන කතා කරද්දී එළියට ආපු නම් දෙකක් තියෙනවා ඒ තමා සනත් ජයසූරිය සහ මනෝජ් ප්‍රභාකර්..
ඔය ලංකාව සහ ඉන්දියාව මැච් එකේ සචින් තෙන්දුල්කාර් (137) සහ මොහොමඩ් අස්රුඩින් (72) කියන දෙන්නාගේ ප්‍රහා​රයත් එක්ක ඉන්දියාව 271/3 ක ලකුණු පුවරුවක් හදාගන්නේ ඒ කාලයේ හැටියට දැවැන්ත ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් හදාගෙන…

ඊට පස්සේ ලංකාව පැත්තෙන් පන්දුවට පහර දෙන කොට සනත් ඉන්දියාවේ ඒ වෙලාවේ හිටපු සීනියර් පන්දු යවන්නෙකු වන මනෝජ් ප්‍රභාකර්ට අත දිග ඇරලා ගහනවා.. ඒක කොච්චර කැත ගැහිල්ලක් ද කියනවා නම් මනෝජ්ගේ පළවෙනි පන්දුවාර 02කටම ලකුණු 33ක් ගන්නවා..
සනත් කියනවානේ පාගලා දාන්න ඕන තැන පාගලා පොඩි කරලා දාන්න ඕන කියලා, සනත්ගේ ඒ Theory එක ක්‍රියාවට නංවපු තැනක් වෙන්න ඇති ඒ අවස්ථාවත්…

ඒ වේලාවේ විස්තර විචාරයේ හිටපු අපේ ක්‍රිකට්වලට අසීමිතව ආදරය කළ විස්තර විචාරක Tony Greig කියනවා මෙහෙම “Could be over in 15 overs,” කියලා, හේතුව අර කැතම ගැහිල්ල නිසා..

අනිල් කුම්බ්ලේ නැතිවෙන්න එදා සනත් තව කී දෙනෙකුට ක්‍රිකට් එපා කරවන්න තිබුණද කියලා හිතාගන්න බැරිවෙන්න තිබුණා.
යකා පිටියෙන් ගියා විතරයි හංගලා ඉඳපු මනෝජ් ආයෙත් පන්දු දාන්න ආවාම ප්‍රේක්ෂකාගාරය “Boo” කියලා කෑගහුවා කියලා සුප්‍රසිද්ධ Wisdon සඟරාව කියනවා, මනෝජ්ගේ පන්දුවාර 04ට ලකුණු 47ක් උදුරාගෙන හිටියලු ඒ වෙද්දී අපේ පිතිකරුවෝ, ඒ විතරක් නෙමෙයි මනෝජ්ට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උන්හිටි තැන්පවා එදා ඒ ප්‍රහාරයෙන් නැතිවෙලා ගියා.. එදායින් පස්සේ මනෝජ් කෙනෙක් පන්දුව අරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය පැත්ත පළාතක ආවේ නැහැ..

එදා ප්‍රේක්ෂකාගාරයෙන් ඉන්දීය පන්දු යවන්නන්ට Boo ගාන තැනට පාගලා දාපු ක්‍රිකට් එකක් අපිට තිබුණා කියලා හිතාගන්නවත් පුළුවන්ද? නේහේ…
එහෙම තිබුණු යුගයක්, අද වෙද්දී අපේ අය නැවතිලා තියෙන තැන සහ එතැන ඉඳන් ඉන්දීය කණ්ඩායම ආපු තැනයි විමසලා බලන්න වටින කා​රණයක්….

සංජේ රණවක

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...