සී.ඩී. වික්‍රමරත්න තනතුරට පොලිස්පතිවරයෙක් පත්කරන්නේ කවදාද ? : සිව්වැන්නා සූදානමින් !

Share post:

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ තුන්වැනි සේවා දිගුව අද (03) අවසන් විය.

පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනුව තවත් සති 03ක සේවා දිගුවක් ඔහුට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු 26දා සී.ඩී. වික්‍රමරත්න පොලිස් සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබිණි. ඉන්පසු අවස්ථා 2කදී ඔහුට මාස 03 බැගින් වන සේවා දිගු 02ක් ලබාදෙන ලදි.
ඉන්පසු සති 03ක සේවා දිගුවක් ඔහුට ලබාදෙන ලද අතර, එම සේවා දිගුව අදින් අවසන් විය.

නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගේ නම් යැවිය යුතු වුවද, මෙතෙක් එසේ නම් යැවීමක් සිදු කර නැති බව වාර්තා වේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨතා අනුපිළිවෙලට අනුව ඊළඟට සිටින්නේ නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනායක ය. මෙම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම එරෙහිව පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
එසේම ඊට අදාළ මූලික අයිතිවාසිකම් නඩුවකින් නිලන්ත ජයවර්ධන වරදකරු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.

ජ්‍යේෂ්ඨතා ලේඛනයේ මීළඟට සිටින්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...