සී.ඩී. වික්‍රමරත්න තනතුරට පොලිස්පතිවරයෙක් පත්කරන්නේ කවදාද ? : සිව්වැන්නා සූදානමින් !

Share post:

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ තුන්වැනි සේවා දිගුව අද (03) අවසන් විය.

පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනුව තවත් සති 03ක සේවා දිගුවක් ඔහුට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු 26දා සී.ඩී. වික්‍රමරත්න පොලිස් සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබිණි. ඉන්පසු අවස්ථා 2කදී ඔහුට මාස 03 බැගින් වන සේවා දිගු 02ක් ලබාදෙන ලදි.
ඉන්පසු සති 03ක සේවා දිගුවක් ඔහුට ලබාදෙන ලද අතර, එම සේවා දිගුව අදින් අවසන් විය.

නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගේ නම් යැවිය යුතු වුවද, මෙතෙක් එසේ නම් යැවීමක් සිදු කර නැති බව වාර්තා වේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨතා අනුපිළිවෙලට අනුව ඊළඟට සිටින්නේ නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් පතිනායක ය. මෙම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාටම එරෙහිව පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
එසේම ඊට අදාළ මූලික අයිතිවාසිකම් නඩුවකින් නිලන්ත ජයවර්ධන වරදකරු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.

ජ්‍යේෂ්ඨතා ලේඛනයේ මීළඟට සිටින්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියයි.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...