වසර 03කට පෙර පළකළ ප්‍රවෘත්තියක් ගැන මාධ්‍යවේදී අමුදන්ගෙන් ත්‍රස්ත විමර්ශනය දැන් ප්‍රශ්න කරයි !

Share post:

එල්ටීටීඊ සංවිධානයේ නායකයාගේ උපන් දිනය පිළිබඳ පුවතක් සහ ඔහුගේ ඡායාරූපයක් වසර 03කට ඉහතදී පළකිරීම සම්බන්ධයෙන් උතුරේ පළවන ප්‍රමුඛ පෙළේ දෙමළ පුවත්පතක් වන උදයන්හි මාධ්‍යවේදී දිලීප් අමුදන්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය පැය 04කට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ.

කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ (CTID) ප්‍රධාන කාර්යාලයට නොවැම්බර් 01දා ඔහු කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබිණි. මාධ්‍යවේදී කේ. දිලීප් අමුදන් උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා ලෙස කටයුතු කරයි.

නොවැම්බර් 26දාට යෙදී තිබෙන එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සම්බන්ධයෙන් 2020 වසරේ නොවැම්බර් 26 ඡායාරූපයක් සහිතව පළ කළ පුවත සම්බන්ධයෙන් මෙන්ම නොවැම්බර් 27දාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනයට ආරාධනා කරමින් පළ කර ඇති ලිපියක් සම්බන්ධයෙන් ද CTID ය මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර තිබේ.

නොවැම්බර් 01දා පෙරවරු 9 සිට පස්වරු 1.30 දක්වා පැය හතර හමාරක කාලයක් කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර ඇත.

මාධ්‍ය වාර්තා අනුව 2020 වසරේ නොවැම්බර් 26දා ‘උදයන්’ පුවත්පත පළ කළ එම ලිපිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් එම සමයේදීම අධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇත.

ආරක්ෂක හමුදා විසින් උතුරේ සිදුකරන ව්‍යාපාරික කටයුතු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෙළිකිරීමෙන් මාධ්‍යවේදී දිලීප් අමුදන් සම්මානයට පාත්‍රවූවෙකි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...