වසර 03කට පෙර පළකළ ප්‍රවෘත්තියක් ගැන මාධ්‍යවේදී අමුදන්ගෙන් ත්‍රස්ත විමර්ශනය දැන් ප්‍රශ්න කරයි !

Share post:

එල්ටීටීඊ සංවිධානයේ නායකයාගේ උපන් දිනය පිළිබඳ පුවතක් සහ ඔහුගේ ඡායාරූපයක් වසර 03කට ඉහතදී පළකිරීම සම්බන්ධයෙන් උතුරේ පළවන ප්‍රමුඛ පෙළේ දෙමළ පුවත්පතක් වන උදයන්හි මාධ්‍යවේදී දිලීප් අමුදන්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය පැය 04කට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ.

කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ (CTID) ප්‍රධාන කාර්යාලයට නොවැම්බර් 01දා ඔහු කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබිණි. මාධ්‍යවේදී කේ. දිලීප් අමුදන් උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා ලෙස කටයුතු කරයි.

නොවැම්බර් 26දාට යෙදී තිබෙන එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සම්බන්ධයෙන් 2020 වසරේ නොවැම්බර් 26 ඡායාරූපයක් සහිතව පළ කළ පුවත සම්බන්ධයෙන් මෙන්ම නොවැම්බර් 27දාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනයට ආරාධනා කරමින් පළ කර ඇති ලිපියක් සම්බන්ධයෙන් ද CTID ය මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර තිබේ.

නොවැම්බර් 01දා පෙරවරු 9 සිට පස්වරු 1.30 දක්වා පැය හතර හමාරක කාලයක් කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර ඇත.

මාධ්‍ය වාර්තා අනුව 2020 වසරේ නොවැම්බර් 26දා ‘උදයන්’ පුවත්පත පළ කළ එම ලිපිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් එම සමයේදීම අධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇත.

ආරක්ෂක හමුදා විසින් උතුරේ සිදුකරන ව්‍යාපාරික කටයුතු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෙළිකිරීමෙන් මාධ්‍යවේදී දිලීප් අමුදන් සම්මානයට පාත්‍රවූවෙකි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...