දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර දෙන්න මගීන් කොළඹට කැඳවීමේ අලුත් නීතියක් : අපිට මොකුත් කියන්න බෑ, සර් නිවාඩුනෙ – වගකිවයුත්තන්

Share post:

දුම්රිය පෞද්ගලික වාර ප්‍රවේශපත් භාවිත කරන මගීන් සඳහා නිකුත් කරන දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හැඳුනුම්පත (ෆෝල්ඩර) සඳහා ඉල්ලුම්පත් දුම්රිය ස්ථාන ප්‍රවේශපත් කවුළුවලින් බාරනොගැනීම හේතුවෙන් වාර ප්‍රවේශපත් ලබාගැනීමට බලාපොරොත්තු වන දුම්රිය මගීන්ට බලවත් අපහසුතාවකට මුහුණ දීමට සිදුවී තිබේ.

මෙතෙක් පැවති ක්‍රමයට අනුව අදාළ ඉල්ලුම්පත දුම්රිය ස්ථානාධිපතිවරයාට බාර දුන් විට කොළඹින් ෆෝල්ඩරය සකසා එවන තෙක් ඉල්ලුම් පත්‍රයේ කොටසක් (Slip) මගියාට ලබාදී, එයට වාර ප්‍රවේශ පත්‍රය නිකුත් කෙරිණි. නමුත් මේ වන විට දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉල්ලුම්පත් බාරනොගන්නා අතර, ඉල්ලුම්පත් මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයට ගෙන ගොස් බාරදෙන ලෙස මගීන්ට දැනුම් දෙනු ලැබේ.

ඒ හේතුවෙන් ආසන්නතම දුම්රිය ස්ථානයෙන් කර ගත හැකිව තිබූ කටයුත්තකට මග වියදම් සහ කාලය වැය කරමින් කොළඹට යාමට මගීන්ට සිදුවී ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය හදිසි ඇමතුම් අංකය වන 1971 ට පැමිණිලි කළ දුම්රිය මගීන්ට දැනුම් දී ඇත්තේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර අංශයට දැනුම් දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් විමසීමට එම අංශය බාර සහකාර අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහයන් ගණනාවක් ව්‍යර්ථ වූයේ ඔහු නිවාඩු ලබා ඇති බව එහි සේවය කරන නිලධාරීන් දැනුම් දීම නිසා ය. ඔහුට හැර වෙනත් කිසිවකුට මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදිය නොහැකි බව ද එහි නිලධාරීහු සඳහන් කළහ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පැවසුවේ ෆෝල්ඩර ලැබීමේ ප්‍රමාදයක් ඇති නිසා යම් අතපසුවීම් සිදුවේ යැයි පිළිගන්නා බවයි. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු පැවසීය. එහෙත් ඒ කවදා වන විට ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් දැක්වීමට ඔහුට හැකි වූයේ නැත.

අදාළ ඉල්ලුම්පත්‍රයේ කොටස තාවකාලික ෆෝල්ඩරය වශයෙන් භාවිත කළ හැකි බැවින් ෆෝල්ඩර ප්‍රමාදයෙන් මගියාට අපහසුතාවක් සිදුවන්නේ නැත. අවශ්‍ය නම් ෆෝල්ඩර නිකුත් කරන්නට ප්‍රමාද වන බවට මගීන් දැනුවත් කර ඉල්ලුම්පත් බාරගන්නට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට හැකියාව තිබේ.

Related articles

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...