දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර දෙන්න මගීන් කොළඹට කැඳවීමේ අලුත් නීතියක් : අපිට මොකුත් කියන්න බෑ, සර් නිවාඩුනෙ – වගකිවයුත්තන්

Share post:

දුම්රිය පෞද්ගලික වාර ප්‍රවේශපත් භාවිත කරන මගීන් සඳහා නිකුත් කරන දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හැඳුනුම්පත (ෆෝල්ඩර) සඳහා ඉල්ලුම්පත් දුම්රිය ස්ථාන ප්‍රවේශපත් කවුළුවලින් බාරනොගැනීම හේතුවෙන් වාර ප්‍රවේශපත් ලබාගැනීමට බලාපොරොත්තු වන දුම්රිය මගීන්ට බලවත් අපහසුතාවකට මුහුණ දීමට සිදුවී තිබේ.

මෙතෙක් පැවති ක්‍රමයට අනුව අදාළ ඉල්ලුම්පත දුම්රිය ස්ථානාධිපතිවරයාට බාර දුන් විට කොළඹින් ෆෝල්ඩරය සකසා එවන තෙක් ඉල්ලුම් පත්‍රයේ කොටසක් (Slip) මගියාට ලබාදී, එයට වාර ප්‍රවේශ පත්‍රය නිකුත් කෙරිණි. නමුත් මේ වන විට දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉල්ලුම්පත් බාරනොගන්නා අතර, ඉල්ලුම්පත් මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයට ගෙන ගොස් බාරදෙන ලෙස මගීන්ට දැනුම් දෙනු ලැබේ.

ඒ හේතුවෙන් ආසන්නතම දුම්රිය ස්ථානයෙන් කර ගත හැකිව තිබූ කටයුත්තකට මග වියදම් සහ කාලය වැය කරමින් කොළඹට යාමට මගීන්ට සිදුවී ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය හදිසි ඇමතුම් අංකය වන 1971 ට පැමිණිලි කළ දුම්රිය මගීන්ට දැනුම් දී ඇත්තේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර අංශයට දැනුම් දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් විමසීමට එම අංශය බාර සහකාර අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහයන් ගණනාවක් ව්‍යර්ථ වූයේ ඔහු නිවාඩු ලබා ඇති බව එහි සේවය කරන නිලධාරීන් දැනුම් දීම නිසා ය. ඔහුට හැර වෙනත් කිසිවකුට මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදිය නොහැකි බව ද එහි නිලධාරීහු සඳහන් කළහ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පැවසුවේ ෆෝල්ඩර ලැබීමේ ප්‍රමාදයක් ඇති නිසා යම් අතපසුවීම් සිදුවේ යැයි පිළිගන්නා බවයි. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු පැවසීය. එහෙත් ඒ කවදා වන විට ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් දැක්වීමට ඔහුට හැකි වූයේ නැත.

අදාළ ඉල්ලුම්පත්‍රයේ කොටස තාවකාලික ෆෝල්ඩරය වශයෙන් භාවිත කළ හැකි බැවින් ෆෝල්ඩර ප්‍රමාදයෙන් මගියාට අපහසුතාවක් සිදුවන්නේ නැත. අවශ්‍ය නම් ෆෝල්ඩර නිකුත් කරන්නට ප්‍රමාද වන බවට මගීන් දැනුවත් කර ඉල්ලුම්පත් බාරගන්නට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට හැකියාව තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...