ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය – 2023

351

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ මෝන්සූන් කුසලාන 2023 කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝමිබර් මස 29 වන දින පවත්වන ලදි.

මෙම තරඟාවලියේදී ඊගල්ස් මෝන්සූන් කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන දෙඅංශයෙන්ම පැවති අතර ත්‍රිවිධ හමුදාවේ දක‍ෂතම ක්‍රිඩකයාට පිරිනැමෙන ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය සඳහාද තරඟකරුවන් තරඟ වැදිම සිදු විය.

ඊගල්ස් මෝන්සූන් තරගාවළියේ පිරිමි අංශයේ ශුරතාවය නිෂාන්ත පෙරේරා විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ ශුරතාවය ප්‍රවීණා දුනුවිල විසින් හිමිකර ගන්නා ලදි එහි පිරිමි අංශයේ අනුශුරතාවය රවී ලියනගේ විසින් ද කාන්තා අංශයේ අනුශුරතාවය රොෂානි සන්ගානි විසින් හිමිකරගන්නා ලදි.

ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් අසන්ත ගුණරත්න විසින් දිනාගන්නා ගත් අතර අනුශුරතාවය ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කැප්ටන් ආනන්ද දිසානායක විසින් දිනා ගන්නා ලදි.