තීරණාත්මක ඇෆ්ගන් – ශ්‍රී ලංකා තරගය අද

Share post:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තීරණාත්මක තරගයක් අද (30) පූනේ මහරාෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම මේ වනවිට තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කර තරග 2 බැගින් ජයගෙන තරග 3ක් පරාජය වී තිබේ.

පසුගිය තරග කිහිපයේදීම සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසා කුසල් ජනිත් පෙරේරා වෙනුවට අද තරගයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේවෙතත් මේවනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ගණනාවක් විවිධ ආබාධ වලට ලක්ව ඇති අතර පසුගියදා පූනේහි පුහුණුවීම් ලබන අතරතුර ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ළහිරු කුමාර ඉදිරි තරග සියල්ලම අහිමි වනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වාදෙයි.

මින් පෙර නායක දසුන් ශානක, මතීශ පතිරණ, ආබාධ වලට ලක්විය.

කෙසේවෙතත් ලහිරු කුමාර පසුගියදා එංගලන්තයට එරෙහි තරගයේ වීරයා සම්මානය දිනා තිබියදී මෙලෙස ආබාධ වලට ලක්ව කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවීම කණ්ඩායමට සැලකිය යුතු අවාසියක් බවට ක්‍රිකට් විචාරකයින් මත පල කර තිබිණි.

තරගයකට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සහය පුහුණුකරු නවීඩ් නවාස් පවසා සිටියේ “කුසල් ජනිත්ගෙන් පසුගිය තරගවලදී බලාපොරොත්තුවූ සේවය ඉටුවූයේ නෑ. අද තරගයේදී දිමුත් කරුණාරත්න පිළිබඳ තේරීම් කමිටුව අනිවාර්යයෙන්ම සලකා බලනවා” යනුවෙනි.

ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ෂහීඩි මාධ්‍ය හමුවේදී පවසා සිටියේ වනිදු නැති ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීම ප්‍රබල තැනක නැති බවයි. එමෙන්ම රශීඩ් ඛාන්, මුජීබ් උර් රහුමාන්, නූර් අහමඩ් වැනි ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල දඟ පන්දු යවන්නන් නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් පහසු නොවනු ඇති බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයේදී එංගලන්තය කඩුලු 8කින් පරාජය කළ අතර, ඇෆ්ගනිස්තානය විසින් පාකිස්තානය කඩුලු 8කින් පරදා යහපත් මානසිකත්වයකින් අද තරගයට මුහුණ දෙන අතර ඇෆ්ගනිස්තානයත් පාකිස්තානය පරාජයට පත් කරමින් මෙම තරගාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් මුහුණ දෙනු ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...