තීරණාත්මක ඇෆ්ගන් – ශ්‍රී ලංකා තරගය අද

Share post:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තීරණාත්මක තරගයක් අද (30) පූනේ මහරාෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම මේ වනවිට තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කර තරග 2 බැගින් ජයගෙන තරග 3ක් පරාජය වී තිබේ.

පසුගිය තරග කිහිපයේදීම සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසා කුසල් ජනිත් පෙරේරා වෙනුවට අද තරගයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේවෙතත් මේවනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ගණනාවක් විවිධ ආබාධ වලට ලක්ව ඇති අතර පසුගියදා පූනේහි පුහුණුවීම් ලබන අතරතුර ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ළහිරු කුමාර ඉදිරි තරග සියල්ලම අහිමි වනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වාදෙයි.

මින් පෙර නායක දසුන් ශානක, මතීශ පතිරණ, ආබාධ වලට ලක්විය.

කෙසේවෙතත් ලහිරු කුමාර පසුගියදා එංගලන්තයට එරෙහි තරගයේ වීරයා සම්මානය දිනා තිබියදී මෙලෙස ආබාධ වලට ලක්ව කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවීම කණ්ඩායමට සැලකිය යුතු අවාසියක් බවට ක්‍රිකට් විචාරකයින් මත පල කර තිබිණි.

තරගයකට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සහය පුහුණුකරු නවීඩ් නවාස් පවසා සිටියේ “කුසල් ජනිත්ගෙන් පසුගිය තරගවලදී බලාපොරොත්තුවූ සේවය ඉටුවූයේ නෑ. අද තරගයේදී දිමුත් කරුණාරත්න පිළිබඳ තේරීම් කමිටුව අනිවාර්යයෙන්ම සලකා බලනවා” යනුවෙනි.

ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ෂහීඩි මාධ්‍ය හමුවේදී පවසා සිටියේ වනිදු නැති ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීම ප්‍රබල තැනක නැති බවයි. එමෙන්ම රශීඩ් ඛාන්, මුජීබ් උර් රහුමාන්, නූර් අහමඩ් වැනි ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල දඟ පන්දු යවන්නන් නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් පහසු නොවනු ඇති බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයේදී එංගලන්තය කඩුලු 8කින් පරාජය කළ අතර, ඇෆ්ගනිස්තානය විසින් පාකිස්තානය කඩුලු 8කින් පරදා යහපත් මානසිකත්වයකින් අද තරගයට මුහුණ දෙන අතර ඇෆ්ගනිස්තානයත් පාකිස්තානය පරාජයට පත් කරමින් මෙම තරගාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් මුහුණ දෙනු ඇත.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...