අන්තර්ජාල මර්දන පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම : කෙටුම්පත සංශෝධනය කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි !

Share post:

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 45ක් සලකා බැලීම අද (18) ඇරඹිණි.

එම පෙත්සම් සලකා බැලීම ආරම්භයේදී ම ආණ්ඩුව පියවරක් පසුපසට ගැනීම තීරණාත්මක විය. ආන්දෝලනාත්මක මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පතට යම් යම් සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අදහස් කරන බව නීතිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මෙම අදහස් පළ කළේ ඔන්ලයින් ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

පසුගිය 03දා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකිරීමේ දින 14ක කාලය ඊයේ දිනයෙන් අවසන් විය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ සාමූහිකය සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තික සංවිධාන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු විවිධ වෘත්තීන් නියෝජනය කරන පුරවැසියන් රැසක් ද මෙසේ අදාළ කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් ගොනු කොට තිබිණි.    

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...