අන්තර්ජාල මර්දන පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම : කෙටුම්පත සංශෝධනය කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි !

Share post:

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 45ක් සලකා බැලීම අද (18) ඇරඹිණි.

එම පෙත්සම් සලකා බැලීම ආරම්භයේදී ම ආණ්ඩුව පියවරක් පසුපසට ගැනීම තීරණාත්මක විය. ආන්දෝලනාත්මක මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පතට යම් යම් සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අදහස් කරන බව නීතිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මෙම අදහස් පළ කළේ ඔන්ලයින් ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

පසුගිය 03දා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකිරීමේ දින 14ක කාලය ඊයේ දිනයෙන් අවසන් විය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ සාමූහිකය සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තික සංවිධාන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු විවිධ වෘත්තීන් නියෝජනය කරන පුරවැසියන් රැසක් ද මෙසේ අදාළ කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් ගොනු කොට තිබිණි.    

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...