ටෙස්ට් ක්‍රීඩා කරන රටක් ප්‍රථම වරට පරාජයට පත්කරමින් නෙදර්ලන්තයට ලකුණු 38ක ජයක්

Share post:

ටෙස්ට් ක්‍රීඩා කරන රටක් ප්‍රථම වරට පරාජයට පත්කරමින් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (17) පැවැති තරගය ලකුණු 38කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

මෙම තරගය ආරම්භයට පෙරම වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එක් කණ්ඩායමකට හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 43 ලෙස තීරණය විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කල අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී වේගවත් ලකුණු 245 ක් රැස්කළේය.

කෙසේ වෙතත් ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207ක් පමණි.

මෙය නෙදර්ලන්ත කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගයකදී ටෙස්ට් ක්‍රීඩා කරන රටක් පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...