ටෙස්ට් ක්‍රීඩා කරන රටක් ප්‍රථම වරට පරාජයට පත්කරමින් නෙදර්ලන්තයට ලකුණු 38ක ජයක්

Share post:

ටෙස්ට් ක්‍රීඩා කරන රටක් ප්‍රථම වරට පරාජයට පත්කරමින් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (17) පැවැති තරගය ලකුණු 38කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

මෙම තරගය ආරම්භයට පෙරම වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එක් කණ්ඩායමකට හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 43 ලෙස තීරණය විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කල අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී වේගවත් ලකුණු 245 ක් රැස්කළේය.

කෙසේ වෙතත් ලකුණු 246ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207ක් පමණි.

මෙය නෙදර්ලන්ත කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගයකදී ටෙස්ට් ක්‍රීඩා කරන රටක් පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...