ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්

Share post:

ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 500 ක් මියගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය පවසන්නේ පිපිරීම පිළිබඳව විමර්ෂණය කරන බවයි. මෙය තම හමුදාවන්ගේ ප්‍රහාරයක්දැයි කීමට තවම කල් වැඩි බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද (බදාදා)ටෙල් අවිව් වෙත පැමිණීමට නියමිතයි.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඉහළම පෙලේ සන්නද්ධ නායකයෙකු අඟහරුවාදා මියගොස් ඇතැයි වාර්තා වෙයි.
“අපි යුද්ධයේ මීළඟ අදියර සඳහා සූදානම් වෙමින් සිටිමු. ඒවා කුමක් වේදැයි අප පවසා නැත. හැමෝම කතා කරන්නේ ගොඩබිම් ප්‍රහාරය ගැනයි. එය ඊට වඩා වෙනස් දෙයක් විය හැකිය,” ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.

ශානක ලියනගම (fb)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...