ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්

Share post:

ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 500 ක් මියගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය පවසන්නේ පිපිරීම පිළිබඳව විමර්ෂණය කරන බවයි. මෙය තම හමුදාවන්ගේ ප්‍රහාරයක්දැයි කීමට තවම කල් වැඩි බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද (බදාදා)ටෙල් අවිව් වෙත පැමිණීමට නියමිතයි.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඉහළම පෙලේ සන්නද්ධ නායකයෙකු අඟහරුවාදා මියගොස් ඇතැයි වාර්තා වෙයි.
“අපි යුද්ධයේ මීළඟ අදියර සඳහා සූදානම් වෙමින් සිටිමු. ඒවා කුමක් වේදැයි අප පවසා නැත. හැමෝම කතා කරන්නේ ගොඩබිම් ප්‍රහාරය ගැනයි. එය ඊට වඩා වෙනස් දෙයක් විය හැකිය,” ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.

ශානක ලියනගම (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...