‘සටන් විරාමයක් නෑ’ – ඊශ්‍රායලය කියයි !

Share post:

රෆා දේශසීමා හරහා මානුෂීය ආධාර රැගෙන දකුණු ගාසා තීරයට ඇතුළුවීමට තාවකාලික සටන් විරාමයක් ලබාදීමට එකඟ වූ බවට පළවන මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ සම්බන්ධව ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාවුගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ “මේ මොහොතේ, ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා සහ විදේශිකයන්ට පිටවීම වෙනුවෙන් සටන් විරාමයක් නොමැත” යන්නයි.

ඒ අනුව රෆා දේශසීමා විවෘත කර මානූෂීය ආධාර ලබා දෙන බවට සහ ඒ වෙනුවෙන් වන සටන් විරාමක්, වන පුවත් ප්‍රතික්ෂේප කරන බවට හමාස් සංවිධානයේ නිලධාරියකු ද රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තවදුරටත් ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමා දොරටුව වසා තබනු ඇත.

මේ අතර “ළමයින් සමූල ඝාතනය කරන, ස්ත්‍රීන් අපහරණය කරන සහ ළදරුවන් පැහැරගෙන යන අයට කිසිම අනුකම්පාවක් ලැබිය යුතු නැත,” ඊශ්‍රායල සංස්කෘතික අමාත්‍ය මිකී සෝහාර් දැඩි ආධාර අවශ්‍යව සිටින ගාසානුවන් ගැන පවසා ඇත.

මේ අතර ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක දුරක් ඇතුළත සිටින සියලුම ඊශ්‍රායල ජනතාවට වහා ඉවත්වන්නැයි එරට හමුදාව උපදෙස් දී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...