‘සටන් විරාමයක් නෑ’ – ඊශ්‍රායලය කියයි !

Share post:

රෆා දේශසීමා හරහා මානුෂීය ආධාර රැගෙන දකුණු ගාසා තීරයට ඇතුළුවීමට තාවකාලික සටන් විරාමයක් ලබාදීමට එකඟ වූ බවට පළවන මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ සම්බන්ධව ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාවුගේ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ “මේ මොහොතේ, ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා සහ විදේශිකයන්ට පිටවීම වෙනුවෙන් සටන් විරාමයක් නොමැත” යන්නයි.

ඒ අනුව රෆා දේශසීමා විවෘත කර මානූෂීය ආධාර ලබා දෙන බවට සහ ඒ වෙනුවෙන් වන සටන් විරාමක්, වන පුවත් ප්‍රතික්ෂේප කරන බවට හමාස් සංවිධානයේ නිලධාරියකු ද රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තවදුරටත් ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමා දොරටුව වසා තබනු ඇත.

මේ අතර “ළමයින් සමූල ඝාතනය කරන, ස්ත්‍රීන් අපහරණය කරන සහ ළදරුවන් පැහැරගෙන යන අයට කිසිම අනුකම්පාවක් ලැබිය යුතු නැත,” ඊශ්‍රායල සංස්කෘතික අමාත්‍ය මිකී සෝහාර් දැඩි ආධාර අවශ්‍යව සිටින ගාසානුවන් ගැන පවසා ඇත.

මේ අතර ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක දුරක් ඇතුළත සිටින සියලුම ඊශ්‍රායල ජනතාවට වහා ඉවත්වන්නැයි එරට හමුදාව උපදෙස් දී තිබේ.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...