චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ? : රනිල්ගේ ජනාධිපති කාලයේ පොලිස්පතිවරයෙක් නැති දින අදට 17ක් !

Share post:

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙනු ඇතැයි ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ දෙවැනි සේවා දිගුව පසුගිය 09දා අවසන් විය. ඒ අනුව පසුගිය 09දා සිට පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රධානියා වන පොලිස්පතිවරයකු නොමැතිව ය.

චන්දන වික්‍රමරත්නගේ සේවා කාලය පසුගිය මාර්තු 26දා අවසන් වීමට නියමිත ව තිබිණි.

ඔහුට මාර්තු 26දා සිට ජුනි 26දා සිට මාස 03ක කාලයක් සඳහා මුල් සේවා දිගුව හිමි විය. ඉන්පසු ජුනි 26 සිට ජූලි 09 දක්වා කාලයෙදී ද පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූයේ පොලිස්පතිවරයකු නොමැතිව ය.

ජූලි 09දා චන්දන වික්‍රමරත්නට සිය දෙවැනි සේවා දිගුව හිමි වූ අතර, එය ද මාස 03කි. ඒ අනුව ඔහුගේ දෙවැනි සේවා දිගුව පසුගිය 09දා අවසන් විය.

මේ අතර වැඩ බලන පොලිස්පති ධුරයට පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවනියා ලෙස සැලකෙන පොලිස් පරිපාලන කොට්ඨාස ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත්කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් එවැනි පත්කිරීමක් සිදු කර නැති බව පොලිසිය බාර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක අද (13) මාධ්‍ය වෙත පවසා තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චන්දන වික්‍රමරත්නට තවත් මාස 03ක සේවා දිගුවක් ලබාදීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වුවද, ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත්තේ විරෝධයකි.

එසේ ම මීළඟ පොලිස්පති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇති බහුතරයක් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව ද වාර්තා වේ. චන්දන වික්‍රමරත්නගෙන් පසු පොලිසියේ ජ්‍යෙෂ්ඨ අනුපිළිවෙළේ ඉදිරියෙන් සිටින නිලධාරීන් තිදෙනාම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් හෝ චෝදනා ලද්දන් ය. නිලන්ත ජයවර්ධන ඊට වරදකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...