සාම්ප්‍රදායික අරාබි කෑම වට්ටෝරු රස : ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ !

Share post:

අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත කිරීමේ උත්සවයට මැද පෙරදිග කළාපයේ තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද සහභාගී වූහ. ලෙබනන් චෙෆ් පෞද්ගලික සමාගම ඇරැඹූ පළමු අවන්හල මෙය වන අතර ඉදිරියේදී මෙරට සංචාරක කේන්ද්‍රස්ථාන රැසකට සිය අවන්හල් ජාලය ව්‍යාප්ත කිරීමට සමාගම අපේක්ෂා කරයි.

උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා ලෙබනන් චෙෆ් අවන්හල විවෘතව පවතී. සාම්ප්‍රදායික අරාබි කෑම වට්ටෝරුවලින් සපිරි ලෙබනන් චෙෆ් අවන්හලේ සියලුම සූපවේදීන් අරාබි ජාතිකයන් වීමද සුවිශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් පවතින මොහොතක විශේෂයෙන් මැද පෙරදිග සංචාරකයන් ඉලක්ක කරගෙන මෙම අවන්හල විවෘත කළ බව එහි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ පැවසීය.

“ලංකාවට ඉතා සමීපව පිහිටා ඇති මැද පෙරදිග බොහෝ රටවල සිට සතියකට සෘජු ගුවන් ගමන් වාර රැසක් ලංකාවට ක්‍රියාත්මක වෙනවා. විශාල ජනගහණයක් සිටින මැද පෙරදිගින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉහළ විභවතාවක් පවතිනවා. වසර 40ක පමණ සිට ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් මැද පෙරදිග රැකියාවල නිරත වී ඇති නිසා එම රටවල ජනතාව හා ශ්‍රී ලාංකිකයත් අතර සමීප සම්බන්ධතාවක් පවතිනවා. වසරකට අරාබි සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට තමන්ට ආවේණික ආහාර රස විඳීමට දිවයින පුරා පැතිරුණු අරාබි අවන්හල් ජාලයක අවශ්‍යතාව ඉතා තදින් පවතිනවා. එම අඩුව සම්පූර්ණ කිරීමට තමයි අවන්හල් ජාලයක පළමු අවන්හල ලෙස ලෙබනන් චෙෆ් කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව විවෘත කළේ.” බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ වැඩිදුරටත් පැවසීය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...