සාම්ප්‍රදායික අරාබි කෑම වට්ටෝරු රස : ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ !

Share post:

අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත කිරීමේ උත්සවයට මැද පෙරදිග කළාපයේ තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද සහභාගී වූහ. ලෙබනන් චෙෆ් පෞද්ගලික සමාගම ඇරැඹූ පළමු අවන්හල මෙය වන අතර ඉදිරියේදී මෙරට සංචාරක කේන්ද්‍රස්ථාන රැසකට සිය අවන්හල් ජාලය ව්‍යාප්ත කිරීමට සමාගම අපේක්ෂා කරයි.

උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා ලෙබනන් චෙෆ් අවන්හල විවෘතව පවතී. සාම්ප්‍රදායික අරාබි කෑම වට්ටෝරුවලින් සපිරි ලෙබනන් චෙෆ් අවන්හලේ සියලුම සූපවේදීන් අරාබි ජාතිකයන් වීමද සුවිශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් පවතින මොහොතක විශේෂයෙන් මැද පෙරදිග සංචාරකයන් ඉලක්ක කරගෙන මෙම අවන්හල විවෘත කළ බව එහි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ පැවසීය.

“ලංකාවට ඉතා සමීපව පිහිටා ඇති මැද පෙරදිග බොහෝ රටවල සිට සතියකට සෘජු ගුවන් ගමන් වාර රැසක් ලංකාවට ක්‍රියාත්මක වෙනවා. විශාල ජනගහණයක් සිටින මැද පෙරදිගින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉහළ විභවතාවක් පවතිනවා. වසර 40ක පමණ සිට ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් මැද පෙරදිග රැකියාවල නිරත වී ඇති නිසා එම රටවල ජනතාව හා ශ්‍රී ලාංකිකයත් අතර සමීප සම්බන්ධතාවක් පවතිනවා. වසරකට අරාබි සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට තමන්ට ආවේණික ආහාර රස විඳීමට දිවයින පුරා පැතිරුණු අරාබි අවන්හල් ජාලයක අවශ්‍යතාව ඉතා තදින් පවතිනවා. එම අඩුව සම්පූර්ණ කිරීමට තමයි අවන්හල් ජාලයක පළමු අවන්හල ලෙස ලෙබනන් චෙෆ් කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව විවෘත කළේ.” බුද්ධි ප්‍රදීප් නියදඬුපොළ වැඩිදුරටත් පැවසීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...