සම්ප්‍රදායයික චීන “ගිම්හාන දිනය” චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවිධානයෙන්

Share post:

වැඩසටහන යටතේ ජාතික පුස්තකාලයට පොත් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ නැන්ජින් සංචාරක හා සංස්කෘතික මණ්ඩලය විසින් “ගිම්හාන දිනය” සැමරීම සඳහා පවත්වන ලද සංස්කෘතික උත්සව මාලාවක් පසුගියදා කොළඹ සහ මහනුවර නගරවලදී පැවත්විණි. “ගිම්හාන දිනය” යනු චීන සංස්කෘතිය තුළ “චීන නව වසර” තරමටම වැදගත් සහ ඉතා ඉහළින් සමරනු ලබන වැදගත් දිනයකි. මෙම උත්සව මාලාව සැප්තැම්බර් 22 වැනි දින සිට 25 වැනිදා දක්වා පැවත්විණි.

කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවත්වුනු ප්‍රධාන උත්සවය සාම්ප්‍රදායයික චීන සහ ශ්‍රී ලාංකික සංස්කෘතික සංදර්ශන සහ කලා සහ ඡායාරූප ප්‍රදර්ශන, සාම්ප්‍රදායයික චීන තේ පානෝත්සව සමඟින් ඉතා වර්ණවත් අයුරින් පැවත්විණි. එහිදී චීන සංස්කෘතිය තුළ ‘ගිම්හාන දිනයේ’ ඇති වැදගත්කම සහ ඓතිහාසික චීන ශ්‍රී ලාංකික සබඳතාවයන් ගැන හරබර දේශන රැසක්ද ප්‍රකට කථිකයින් විසින් සිදු කරන ලදි.

චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවය සඳහා ආරාධිතයින් වශයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා, නැන්ජින් සංස්කෘතික හා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂිකාව සහ ශ්‍රී ලාංකික රජයේ නියෝජිතයින් සහ සුබ පතන්නන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ‘ගිම්හාන දින’ සැමරුම් වැඩසටහනේ තවත් වැදගත් අංගයක් වූයේ නැන්ජින් සංස්කෘතික හා සංචාරක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට චීන පොත් සමුච්චයක් ප්‍රදානය කිරීමයි. එම උත්සවය 25 වැනි දින උදෑසන ජාතික පුස්තකාල පරිශ්‍රයේදී පැවත්විණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...