සම්ප්‍රදායයික චීන “ගිම්හාන දිනය” චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවිධානයෙන්

Share post:

වැඩසටහන යටතේ ජාතික පුස්තකාලයට පොත් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ නැන්ජින් සංචාරක හා සංස්කෘතික මණ්ඩලය විසින් “ගිම්හාන දිනය” සැමරීම සඳහා පවත්වන ලද සංස්කෘතික උත්සව මාලාවක් පසුගියදා කොළඹ සහ මහනුවර නගරවලදී පැවත්විණි. “ගිම්හාන දිනය” යනු චීන සංස්කෘතිය තුළ “චීන නව වසර” තරමටම වැදගත් සහ ඉතා ඉහළින් සමරනු ලබන වැදගත් දිනයකි. මෙම උත්සව මාලාව සැප්තැම්බර් 22 වැනි දින සිට 25 වැනිදා දක්වා පැවත්විණි.

කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවත්වුනු ප්‍රධාන උත්සවය සාම්ප්‍රදායයික චීන සහ ශ්‍රී ලාංකික සංස්කෘතික සංදර්ශන සහ කලා සහ ඡායාරූප ප්‍රදර්ශන, සාම්ප්‍රදායයික චීන තේ පානෝත්සව සමඟින් ඉතා වර්ණවත් අයුරින් පැවත්විණි. එහිදී චීන සංස්කෘතිය තුළ ‘ගිම්හාන දිනයේ’ ඇති වැදගත්කම සහ ඓතිහාසික චීන ශ්‍රී ලාංකික සබඳතාවයන් ගැන හරබර දේශන රැසක්ද ප්‍රකට කථිකයින් විසින් සිදු කරන ලදි.

චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවය සඳහා ආරාධිතයින් වශයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා, නැන්ජින් සංස්කෘතික හා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂිකාව සහ ශ්‍රී ලාංකික රජයේ නියෝජිතයින් සහ සුබ පතන්නන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ‘ගිම්හාන දින’ සැමරුම් වැඩසටහනේ තවත් වැදගත් අංගයක් වූයේ නැන්ජින් සංස්කෘතික හා සංචාරක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට චීන පොත් සමුච්චයක් ප්‍රදානය කිරීමයි. එම උත්සවය 25 වැනි දින උදෑසන ජාතික පුස්තකාල පරිශ්‍රයේදී පැවත්විණි.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...