මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය නෝර්වීජියානු ලේඛක යොන් ෆොස්සෙ ට

Share post:

නෝර්වීජියානු ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක් හා කවියෙක් වන Jon Fosse (යොන් ෆොස්සෙ) මෙවර සාහිත්‍යය උදෙසා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන බව ඊයේ ප්‍රකාශයට පත්කෙරිණි.

“හඬනගා කිව නොහැකි දේට හඬක් දෙන ඔහුගේ නව්‍ය නාට්‍ය හා ගද්‍ය සඳහා” මේ සම්මානය පිරිනැමෙන බව නොබෙල් සම්මානයේ සංවිධායකයන් වන ස්වීඩන් ඇකඩමිය නිවේදනය කළේ ය.

නවකතා, කවි, ගද්‍ය රචනා, ළමා කෘති, පරිවර්තන සමගින් නාට්‍ය කෘති 40ක් පමණ ද ප්‍රකාශයට පත්කර ඇති ෆොස්සෙ ගේ නිර්මාණ විවිධ භාෂා 50කට පමණ පරිවර්තනය වී ඇත. ඔහු ලොව වැඩියෙන්ම රංගගතවන නාට්‍ය පෙළ රචනාකළ ජීවමාන නාට්‍ය රචකයන් අතර ප්‍රමුඛයෙක් ලෙස සැලකේ. සුවිශේෂී වූ ද, විශිෂ්ට වූ ද, භාෂා භාවිතය හා විධිමත් සාහිත්‍ය අත්හදාබැලීම් සම්බන්ධයෙන් ඔහු සාහිත්‍ය ලෝලීන් අතර මෙන්ම විද්වතුන් අතර ද දිගු කලක් තිස්සේ ගෞරවයට පාත්‍ර වී සිටියේ ය.

හෙන්රික් ඉබ්සන් විසින් 19 වැනි සියවසේ දී ස්ථාපිත කරන ලද නාට්‍ය සම්ප්‍රදායයේ නවීන වූ අඛණ්ඩ පැවැත්මක් නියෝජනය කරන්නකු වශයෙන් ෆොස්සෙ සැලකේ.

නිසැක නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභියකු වනුඇති බවට කලක සිට අනුමානයන්ට පාත්‍රවී සිටි ඔහුට මෙවර සම්මානය හිමිවීම ගැන දුරකතන ඇමතුම ලැබෙන විට ඔහු සිටියේ නෝරවේ හි බටහිර වෙරළ තීරයේ Frekhaug නම් ගම්මානය කරා යමිනි. එම ගම්මානයේ ඔහු සතු නිවසක් තිබේ.
මේ ප්‍රවෘත්තියෙන් තමන් ‍’මහත් ප්‍රහර්ශයට මෙන් ම තරමක් බියට ද’ පත්වූ බව යොන් ෆොස්සෙ ප්‍රකාශ කළේ ය.

“අවුරුදු 10ක් විතරම මම නොබෙල් සම්මානය ලැබෙයි කියලා අනුමාන කළ ලේඛකයන් අතර හිටියා. ඒත් මගේ විශ්වාසය වුණේ මට කවදාවත්ම මේක ලැබෙන්නේ නැතිවෙයි කියලා. ඇත්තටම මට මේක විශ්වාස කරන්නත් බෑ.” සිය නෝර්වීජියානු ප්‍රකාශන සමාගම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ ය.

ඔහුට නොබෙල් සාහිත්‍ය සම්මානය සමග ස්වීඩන් ක්රෝනර් මිලියන 11ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 1ක පමණ මුදලක් හිමිවනු ඇත.
සම්මාන පිරිනැමීම එළැඹෙන දෙසැම්බර් 10 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවැත්වීමට නියමිත ය.
1959 දී උපත ලද යොන් ෆොස්සෙ දැනට 64 හැවිරිදි වියේ පසුවෙයි.

සම පොත් (SaMa Poth)

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...