“ටෙටා”, “Deception” ජනගතවිම හා ජාරක නරේන්ද්‍රගේ නවතම ගීත එළිදැක්වීම

Share post:

නිශ්මන් රණසිංහ යොවුන් නවකතාව “ටෙටා” (ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත යොවුන් නවකතාව) , ඊයෙ(05) හවස මහවැලි කේන්ද්‍රයේදි ජනගත කෙරුණු අතර තවමත් පාසල් ශිෂ්‍යාවක් වන කවෝදිගේ “Deception” කෘතිය (අධ්‍යාපන අමාත්‍යාංශය , ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හා එකාබද්ධව සංවිධානය කළ “A book with a country” තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබූ) සහ ජාරක නරේන්ද්‍රගේ නවතම ගීත දෙක එළිදැක්වීම ද එදිනම සිදුවිය. කවෝදි සහ ජාරක නිශ්මන් රණසිංහගේ දියණිය සහ පුතනුවන් ය.

‘ටෙටා’ යොවුන් නව කතාව සෙනෙහසින් වැළඳ ගතිමි

2022 ගොඩගේ අත් පිටපත් තරඟයේ ප්‍රශස්ත යොවුන් නව කතාව ලෙසින් සම්මාන දිනූ ලේඛක නිශ්මං රණසිංහයන් විසින් රචිත ‘ටෙටා’ යොවුන් නව කතාව සෙනෙහසින් වැළඳ ගතිමි .

පුවත්පත් කලාවේදියකු ,නාට්‍ය කරුවකු ලෙසත් විවිධ ඉසවු ඔස්සේ පෙලහර පානා කලා කරුවකු ලෙසත් දශක ගනනාවක් තෙම්පරාදු වූ ඔහු වැන්නකු ගැන ලියන්නට අදහසක් ප්‍රකාශ කරන්නට තරම් අප වැන්නෙකු කුඩා වැඩි උවත් ඔහුගේ අලුත්ම පොත කියැවීමෙන් ලද දැඩි උත්තේජනය නිසා ඒ වෙනුවෙන් මගේ ආදරය සහ සුබ පැතීමට මෙය අවස්තාවක් කර ගනිමි.

ඉසවු ගනනාවක ඔහු ලද අද්දැකීම් මේ නිර්මානය පුරාවට දෝරේ ගලා ගොස් තිබුනි.

ක්‍රීඩකයකු, සාහිත්‍යය කරුවකු, සහ කී නොකී හැම ඉසවුවකටම ඉව කර මේ නිමැවුම- අඩු වැඩියකින් තොරව ලුනු ඇඹුල් එකතු කරන්නට නිශ්මං රණසිංහ අයියා සාර්ථක වී තිඹුනි.

යොවුන් කතා අඩුවෙන් ලියවෙන කියැවෙන කාලයක ලංකාවේ ජාතික ක්‍රීඩාව සේ සැලකෙන වොලිබෝල් ක්‍රීඩකයෙකු වටා පෙලහර පෑම තුල ඔහු පුහුණු කරැවකු ,නාට්‍ය කරුවකු නිසාවෙන්ම සාහිත්‍යය අතපත ගානා කෙනෙකු මෙන්ම ජාති කුල ආගම් බේදයක් නොසලකන සුන්දරම මනුස්සයෙකු නිසාවෙන්ම මේ සියලුම අංශයන් නිර්මානයට එන්නත් කර තිඹුනේ ඒ අද්දැකීම් නිසාවෙන්ම වන්නට ඇති.

පරිච්ඡේදයෙන් පරිච්ඡේදය කියවාගෙන යාමේදී සෑම මිනිසෙකු තුලම සැඟවී සිටින ක්‍රිඩකයා, සාහිත්‍ය කරැවා,දේශපාලන සත්වයා සහ මානවවාදී මිනිසෙක් නම් ඔහු අවදි වී එන්නේ විටෙක ජයග්‍රහණයෙන් උද්දාම වීමෙනි. තවත් විටෙක අපව තලන පෙලන මේ හැඩි දැඩි පාලනයෙන් බැට කෑ මුවහත් පන්නරය තුලිනි. එසේත් නැතිනම් ,, ඔවු අපිට පුලුවන් ,, යන හැගීමෙනි.

බොහෝ තැන්හිදී ඉදිරියට එක හුස්මට කියවාගෙන යාමේ කුතුහලය ම තවත් විටක නෙතු කෙවෙනි කඳුලින් පොඟවයි.
නාට්‍ය කරුවෙකු නිසාම මේ තුල වෙනමම සුවිශේශී බවක් නැවුම් ප්‍රානයක් එක්කර ඇතැයි යන හැඟීම නොකියාම බැරිය.

ප්‍රසන්න ගුණවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...