විහාර මහාදේවී උද්‍යානයේ ගස් සෙවනේ ‘අකුරු’ ජනගතවෙයි

Share post:

පසුගිය සෙනසුරාදා එනම් සැප්තැම්බර් 16 සවස 3.30 ට විහාර මහාදේවී උද්‍යානයේ ගස් සෙවන යට මැල්කම් සන්ග්ගේ ‘අකුරු’ කෘතිය එළිදැක්වීම සිදු විය.
මෙහිදී පොතේ තමන් කැමතිම පිටුවක් ගැන කතා කිරීම සඳහා මැල්කම්ගේ පාඨකයන් සහ මැල්කම් මචාඩෝ, තිඹිරියාගම බණ්ඩාර, චමල් අකලංක පොල්වත්තගේ මෙන්ම මැල්කම් සන්ග්ගේ මුල්ම ගුරුතුමියද අදහස් දැක්වීමට එක්විය.

“මැල්කම් සැන් අකුරු කෙරුවා 16 හවස කොළඹ මැද්දක… එලිමහනක… ගහක් යට… පැදුරක… ලේලන්ඩ් හෝර්න්, අයිස්ක්‍රීම් මියුසික් , අස්සේ කපුටෝ බල්ලො විතරක් නොවෙයි අස්සයෝ පෝනියොත්… ගෝල් නැතුව ගෝල් හොයන කෙල්ලෝත්… ගිතාරු වැයෙද්දී … ගැයුම් ගැයෙද්දී… උණුහුම් වැළඳගැනීම්… ආගිය කතා… අකුරු ගැන වචන… උත්තර ප්‍රශ්න උත්තර … ලෝකයක් ගැන කතා අස්සේ සුන්දරම සැන්දෑවක්… මචං ලෙසටම වැඩේ ගියා …සතුටුයි සහභාගී වෙන්න ලැබීම”

Malcolm Sang

“මම දැනට කියවන පොතක මෙහෙම තියෙනවා. ” අද ශ්‍රීලාංකීය සමාජයේ භක්තිවාදයට පදනම් වුනේ හැට, හැත්තෑව, අසූව දශකයේ තදින් පැතිරී ගිය ‘ප්‍රති වික්ටෝරියානුවාදී’ සංකල්පයද ?

නව පරම්පරාවකට වික්ටෝරියානු සුචරිත වාදය නොතේරෙන එකක්. යලි යලිත් අපට මේ ගැන කියන්න වෙනවා. මෙන්න මේකට ඌණ පූර්ණයක් දෙනවා Malcolm Sang ගේ අකුරු. මේපොතේ වික්ටෝරියා ගේ ඇඳුම ගලවන හැටි තමයි නියම ලියවිල්ල අපි බොහෝ දෙනෙක් ආසාවෙන් කියවපු.
ලෝකය පුරාම පැතිරී ගිය සුචරිතය අපිව කොච්චර දුරට ග්‍රහණය කරලාද කියන එක පැහැදිලි වන අතර, අර මම කියපු අන්තයට නොගොස් ‘බටහිර නැගෙනහිර’ විසංවාදය සම්භාෂණයක් කර ගන්න අකුරු පොතේම මුල පුරලා තියෙනවා.
ඒක තමයි මට හිට් වුණු කෑල්ල මේ පොතේ.”

සුමනා විජේරත්න

“රටවල් හැට ගනණකට වඩා ප්‍රමණයක සංචාරය කල කිසිම කොටසකට අයත් නොවූ , නිදහස් මතධාරී Malcom Sang , මේ ලේඛකයා තමා ඇසූ පිරූ දෑ මිනිස්සුන් වෙනුවෙන් ලියා සැප්තැම්බර් 16 වෙනිදා සවස ” අකුරු ” ලියපු හැටි විහාර මහා දේවී උද්‍යානයේදී කථා කලා… එයාගේ පාඨකයන් ” අකුරු “ගැන කථා කලා. ඉතාම සුන්දර සරල සැහැල්ලු සැන්ඳෑවක් අත්වින්දා පැමිණ සිටි හැමෝම …”

Samudra Book Shop

Pix.Ravindra Pushpakumara

Sasindu Sahan Tharaka

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...