2023 රජත පුස්තක සම්මාන කසුන්, ලක්ශාන්ත, සහ මහින්ද රත්නායක ට

Share post:

2022 වසරේ ප්‍රකාශිත සිංහල යොවුන් නවකතා, කෙටිකතා, කාව්‍ය අතුරින් හොදම කෘති සඳහා 2023 – රජත පුස්තක සම්මාන ප්‍රදානය අද පැවති අතර එහිදී වසරේ හොදම යොවුන් නවකතාව ලෙස කසුන් සමරතුංගගේ ‘ජාජා ඩිං’ කෘතියට හිමි විය. වසරේ හොදම කාව්‍ය කෘතිය ලෙස ලක්ශාන්ත අතුකෝරලගේ ‘හැඟුම් ගඟෙහි හැංගිලා’ වෙතද, වසරේ හොදම කෙටිකතා සංග්‍රහය ලෙස මහින්ද රත්නායකගේ ‘අනේ අපි දා’ ද සම්මානයෙන් පිදුම් ලැබුවේය.

සිංහල සාහිත්‍ය කලාවට පිදෙන 2023 – රජත පුස්තක සම්මාන උළෙල අද (සැප්: 18 වැනිදා) ප.ව.6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

2022 වසරේ ප්‍රකාශිතයොවුන් නවකතා, කෙටිකතා, කාව්‍ය අතුරින් හොදම කෘති සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් රජත පුස්තක සම්මාන ප්‍රදානය කරයි.

යොවුන් නවකතා – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.
‘තරු පාර’ – බුවනෙක වන්නිආරච්චි
‘ජාජා ඩිං’ – කසුන් සමරතුංග
‘කොළපාට ඉස්කෝලේ’ – නිබන්ධිකා වන්නිනායක.

2023 රජත පුස්තක සම්මාන
කෙටිකතා – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.

‘සූර්ය ක්ලාන්තය සහ අනාථ කතා’ – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්‍රකාශන.
‘අවසන් නිරුපද්‍රිතයා’ – සුසිත රුවන් – සරසවි ප්‍රකාශන.
‘අනේ අපි දා’ – මහින්ද රත්නායක – ගොඩගේ ප්‍රකාශන.

2023 රජත පුස්තක සම්මාන
කාව්‍ය – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.

‘ඉර්තු’ – අනුරාධා නිල්මිණී
‘ප්‍රේම සෘතුව’ – සුනන්දා රණසිංහ – කවිවර ප්‍රකාශන
‘හැඟුම් ගඟෙහි හැංගිලා’ – ලක්ශාන්ත අතුකෝරල – විදර්ශන ප්‍රකාශන

Pix. Peter Jerome Thisarana Perera

Pix. FB

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...