2023 රජත පුස්තක සම්මාන කසුන්, ලක්ශාන්ත, සහ මහින්ද රත්නායක ට

Share post:

2022 වසරේ ප්‍රකාශිත සිංහල යොවුන් නවකතා, කෙටිකතා, කාව්‍ය අතුරින් හොදම කෘති සඳහා 2023 – රජත පුස්තක සම්මාන ප්‍රදානය අද පැවති අතර එහිදී වසරේ හොදම යොවුන් නවකතාව ලෙස කසුන් සමරතුංගගේ ‘ජාජා ඩිං’ කෘතියට හිමි විය. වසරේ හොදම කාව්‍ය කෘතිය ලෙස ලක්ශාන්ත අතුකෝරලගේ ‘හැඟුම් ගඟෙහි හැංගිලා’ වෙතද, වසරේ හොදම කෙටිකතා සංග්‍රහය ලෙස මහින්ද රත්නායකගේ ‘අනේ අපි දා’ ද සම්මානයෙන් පිදුම් ලැබුවේය.

සිංහල සාහිත්‍ය කලාවට පිදෙන 2023 – රජත පුස්තක සම්මාන උළෙල අද (සැප්: 18 වැනිදා) ප.ව.6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

2022 වසරේ ප්‍රකාශිතයොවුන් නවකතා, කෙටිකතා, කාව්‍ය අතුරින් හොදම කෘති සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් රජත පුස්තක සම්මාන ප්‍රදානය කරයි.

යොවුන් නවකතා – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.
‘තරු පාර’ – බුවනෙක වන්නිආරච්චි
‘ජාජා ඩිං’ – කසුන් සමරතුංග
‘කොළපාට ඉස්කෝලේ’ – නිබන්ධිකා වන්නිනායක.

2023 රජත පුස්තක සම්මාන
කෙටිකතා – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.

‘සූර්ය ක්ලාන්තය සහ අනාථ කතා’ – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්‍රකාශන.
‘අවසන් නිරුපද්‍රිතයා’ – සුසිත රුවන් – සරසවි ප්‍රකාශන.
‘අනේ අපි දා’ – මහින්ද රත්නායක – ගොඩගේ ප්‍රකාශන.

2023 රජත පුස්තක සම්මාන
කාව්‍ය – අවසන් වටය සඳහා නිර්දේශිත කෘති.

‘ඉර්තු’ – අනුරාධා නිල්මිණී
‘ප්‍රේම සෘතුව’ – සුනන්දා රණසිංහ – කවිවර ප්‍රකාශන
‘හැඟුම් ගඟෙහි හැංගිලා’ – ලක්ශාන්ත අතුකෝරල – විදර්ශන ප්‍රකාශන

Pix. Peter Jerome Thisarana Perera

Pix. FB

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...