කොක්කුතුඩුවායි : සිරුරු 17ක කොටස් හමුවෙයි : විශ්ලේෂණය සඳහා මාස 2ක් කැණීම් නවතයි !

Share post:

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

ලැබී තිබෙන සාක්ෂි විශ්ලේෂණය වෙනුවෙන් කැණීම් කටයුතු 15 වැනිදා සිට තාවකාලිකව මාස දෙකක කාලයකට නවතා දැමූ බව මහාචාර්යවරයා සඳහන් කර තිබේ.

මේ දක්වා කැණීම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කොට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදෙන තීරණ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිත බවද මහාචාර්ය සෝමදේව පෙන්වා දී ඇත.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ කැණීම් තුළින් හමුවූ පූර්ණ මිනිස් අස්ථි කූඩු ගණන 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කැණීම් නිලධාරීහු පවසති.

සමූහ මීනිවළ කැණීම් නතර කරන විට, අලුතින් මිනිස් සිරුරු තුනක අස්ථි මතුකර ගත් බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පැවසුවේය.

සමූහ මිනිවළ දින නවයක කාලයක කැණීම් තුළින් මිනිස් සිරුරු 17 ක අස්ථි කූඩු මතුකරගෙන ඇති අතර, මතු කරගත් මිනිස් සිරුරු 17 ට අදාළ අස්ථි කොටස් සියල්ලම ගොඩගත් බවද කැණීම් නිලධාරීහු පැවසූහ. කැණීම් තුළින් හමුවූ අස්ථි කොටස් අතර කාන්තා තනපට දැක ගැනීමට හැකිවන බැවින්, මේ දක්වා හමුවූ සියලු සිරුරු කාන්තාවන්ගේ විය හැකි බවට සැක කරන බව මුලතිව් දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු පවසති.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා පතුරම් උණ්ඩ වැනි කොටස් තුනක් හා පුද්ගලයන් හඳුනාගැනීමට පලඳින ලද යැයි කියන අංක තහඩු පහක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතාකරන කැලෑ ඇඳුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුව ඇත.

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරති.

මුලතිව් දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනිවළ තුළින් ගොඩට නොගත් අස්ථි කොටස් රැසක් දැක ගැනීමට හැකිවන බැවින් කැණිම් කටයුතු අඛණ්ඩව සිදුකළ යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...