කොක්කුතුඩුවායි : සිරුරු 17ක කොටස් හමුවෙයි : විශ්ලේෂණය සඳහා මාස 2ක් කැණීම් නවතයි !

Share post:

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

ලැබී තිබෙන සාක්ෂි විශ්ලේෂණය වෙනුවෙන් කැණීම් කටයුතු 15 වැනිදා සිට තාවකාලිකව මාස දෙකක කාලයකට නවතා දැමූ බව මහාචාර්යවරයා සඳහන් කර තිබේ.

මේ දක්වා කැණීම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කොට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදෙන තීරණ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිත බවද මහාචාර්ය සෝමදේව පෙන්වා දී ඇත.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ කැණීම් තුළින් හමුවූ පූර්ණ මිනිස් අස්ථි කූඩු ගණන 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කැණීම් නිලධාරීහු පවසති.

සමූහ මීනිවළ කැණීම් නතර කරන විට, අලුතින් මිනිස් සිරුරු තුනක අස්ථි මතුකර ගත් බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පැවසුවේය.

සමූහ මිනිවළ දින නවයක කාලයක කැණීම් තුළින් මිනිස් සිරුරු 17 ක අස්ථි කූඩු මතුකරගෙන ඇති අතර, මතු කරගත් මිනිස් සිරුරු 17 ට අදාළ අස්ථි කොටස් සියල්ලම ගොඩගත් බවද කැණීම් නිලධාරීහු පැවසූහ. කැණීම් තුළින් හමුවූ අස්ථි කොටස් අතර කාන්තා තනපට දැක ගැනීමට හැකිවන බැවින්, මේ දක්වා හමුවූ සියලු සිරුරු කාන්තාවන්ගේ විය හැකි බවට සැක කරන බව මුලතිව් දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු පවසති.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා පතුරම් උණ්ඩ වැනි කොටස් තුනක් හා පුද්ගලයන් හඳුනාගැනීමට පලඳින ලද යැයි කියන අංක තහඩු පහක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතාකරන කැලෑ ඇඳුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුව ඇත.

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරති.

මුලතිව් දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනිවළ තුළින් ගොඩට නොගත් අස්ථි කොටස් රැසක් දැක ගැනීමට හැකිවන බැවින් කැණිම් කටයුතු අඛණ්ඩව සිදුකළ යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...