සෞම්‍ය සඳරුවන් ලියනගේ ‘ඉතිං කවියනි හොඳට, නින්ද යනවද රෑට ? ‘

Share post:

‘හැටේ වත්තේ මග්දලේනා (2013)’, ‘ඔබ නොඒ නම් කියන්න’ (2016) ‘ලෝටස්’ නවකතාව (2019) ගෙන ආ සෞම්‍ය සඳරුවන් ලියනගේ සිය තුන්වැනි කවි එකතුව, ‘ඉතිං කවියනි හොඳට නින්ද යනවද රෑට ?’ කාව්‍ය සංග්‍රහය ඊයේ (16) කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරිණි.

මෙහිදී, සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති, සාහිත්‍යවේදී නුවන් තොටවත්ත, අදහස් දැවීම් සිදුකළ අතර මෙහෙයවීම ලහිරු කිතලගම විසින් සිදුකරන ලදී.
කවි කියවීම නෙරංජි සුලක්ඛනා සහ කවි ගායනය ඔෂාන් විරාජ් විසිනි.

“වදන් තවරා හැඩට
රිදුම් විකිණූ පසුව
ඉතින් කවියෙනි
හොඳට නින්ද යනවද රෑට”

සෞම්‍ය සඳරුවන් ලියනගේ

“ප්‍රේමයක් කියන්නේ,
කටු ඇනෙන තැන්වලම
නතර වෙන්නැයි කියා
හදවතට බල කරන හැඟීමය.”

“හිම දිය ව යන කලෙක
උද්‍යාන බැංකුවක
ශේෂ වූ සැමරුමකි
වසන්තය ගැන මතක”

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...