සෞම්‍ය සඳරුවන් ලියනගේ ‘ඉතිං කවියනි හොඳට, නින්ද යනවද රෑට ? ‘

Share post:

‘හැටේ වත්තේ මග්දලේනා (2013)’, ‘ඔබ නොඒ නම් කියන්න’ (2016) ‘ලෝටස්’ නවකතාව (2019) ගෙන ආ සෞම්‍ය සඳරුවන් ලියනගේ සිය තුන්වැනි කවි එකතුව, ‘ඉතිං කවියනි හොඳට නින්ද යනවද රෑට ?’ කාව්‍ය සංග්‍රහය ඊයේ (16) කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරිණි.

මෙහිදී, සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති, සාහිත්‍යවේදී නුවන් තොටවත්ත, අදහස් දැවීම් සිදුකළ අතර මෙහෙයවීම ලහිරු කිතලගම විසින් සිදුකරන ලදී.
කවි කියවීම නෙරංජි සුලක්ඛනා සහ කවි ගායනය ඔෂාන් විරාජ් විසිනි.

“වදන් තවරා හැඩට
රිදුම් විකිණූ පසුව
ඉතින් කවියෙනි
හොඳට නින්ද යනවද රෑට”

සෞම්‍ය සඳරුවන් ලියනගේ

“ප්‍රේමයක් කියන්නේ,
කටු ඇනෙන තැන්වලම
නතර වෙන්නැයි කියා
හදවතට බල කරන හැඟීමය.”

“හිම දිය ව යන කලෙක
උද්‍යාන බැංකුවක
ශේෂ වූ සැමරුමකි
වසන්තය ගැන මතක”

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...