අධිකරණ බලය සීමාකරන පාර්ලිමේන්තු ප්‍රකාශ ගැන නීතිඥ සාමූහිකයෙන් නිවේදනයක් !

Share post:

අධිකරණයේ විභාග වෙමින් පවතින නිශ්චිත නඩු පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණය සහ විනිසුරුවරුන්ගේ හැසිරීම පිළිබඳව කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිඥ සාමූහිකය දැඩි කනස්සල්ල පළකර තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒකාග්‍රතාව පිළිබඳ ප්‍රශ්න මතුකරන මැති – ඇමතිවරුන් විසින් කරන ලද ප්‍රකාශ ඇතුළුව කනස්සල්ලට පත් වූ අවස්ථා කිහිපයක් නීතිඥ සාමූහිකය විසින් පෙන්වාදී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන අයද, විශේෂ නඩු විභාග කිරීමට පෙර පවා අධිකරණයේ අධිකරණ බලය සීමාකරන ප්‍රකාශයන් සිදු කළ බව ද නීතිඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වන තර්ජන හමුවේ අවධානයෙන් සිටින ලෙස එම සංවිධානය නීති වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...