ජනතාව උසිගැන්වීමේ පොලිස් විමර්ශනය : විජයකලාට එරෙහිව වසර 5ක් තිස්සේ නීතිපති උපදෙස් නෑ !

Share post:

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් 2018 වසරේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳ ව, ඇයට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන්, වසර පහකට අධික කාලයක් තිස්සේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව අධිකරණයේදී අනාවරණය විය.

සිද්ධියට අදාළ විමර්ශනවල උපුටන නීතිපතිවරයා වෙත යොමු කර ඇති නමුත්, නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) දැනුම් දුන්නේය.

යාපනයේදී සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතීන් අතර අප්‍රසාදය ඇති කිරීමට හෝ උසිගැන්වීමට උත්සාහ කළ බවට විජයකලා මහේෂ්වරන්ට එරෙහිව පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ‘බී’ වාර්තාවක් ගොනු කර ඇත.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් කඩිනම් කරන ලෙසට ය.

2018 ජූලි 02දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය එල්ටීටීඊ සංවිධානය යළි හිස එසවීම දැකීමට තමන් කැමති බව පවසා තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...