ජනතාව උසිගැන්වීමේ පොලිස් විමර්ශනය : විජයකලාට එරෙහිව වසර 5ක් තිස්සේ නීතිපති උපදෙස් නෑ !

Share post:

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් 2018 වසරේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳ ව, ඇයට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන්, වසර පහකට අධික කාලයක් තිස්සේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය නීතිපති උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව අධිකරණයේදී අනාවරණය විය.

සිද්ධියට අදාළ විමර්ශනවල උපුටන නීතිපතිවරයා වෙත යොමු කර ඇති නමුත්, නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) දැනුම් දුන්නේය.

යාපනයේදී සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතීන් අතර අප්‍රසාදය ඇති කිරීමට හෝ උසිගැන්වීමට උත්සාහ කළ බවට විජයකලා මහේෂ්වරන්ට එරෙහිව පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ‘බී’ වාර්තාවක් ගොනු කර ඇත.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් කඩිනම් කරන ලෙසට ය.

2018 ජූලි 02දා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය එල්ටීටීඊ සංවිධානය යළි හිස එසවීම දැකීමට තමන් කැමති බව පවසා තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...