දැනුම බෙදාගැනීමෙන් තොර අනාගතයක් නෑ : මම සංචාරය කරන්න හීන දැකපු පොඩි එකෙක් – ‘අකුරු’ කර්තෘ මැල්කම් සන්ග්

Share post:

සරල - නිදහස් ශෛලියකින්, හැමෝටම තේරෙන්න ලෝකය ගැන ලියන ඔහු මැල්කම් සන්ග්. ලෝකය ගවේෂණය කරමින්, එහි අඳුරු සහ එළිය තැන්, ලංකාව සමග ගලපමින් ලියන රසවත් ලියමන් එකතුවක් 'අකුරු' නමින් අද (16) කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේදි එළිදැක්වෙනවා.
මේ, අපගේ ඉල්ලීමක් මත, අපගේ ප්‍රශ්නාවලියකට ඔහු එවූ සටහනක පෙළගැස්මක්.

රටවල් 60කට වැඩි අත්දැකීම්

අවුරුදු පහළොවකට වැඩි කාලයක් මං ජීවත් වෙන්නෙ ලංකාවෙන් පිට.
රටවල් හැට ගණනක සංචාරය කරන්න අවස්ථාව ලැබුණා.
මේ අවුරුදු පහළොවට ම මං ලංකාවට ආවෙ දෙපාරයි.

දේශපාලන අරමුණක් ?

මං ගන්න සමහර පිංතූර මේ මූණු පොතේ
පළකරන්නෙත්.. අදහස් ගැන සටහන් .. කවි .. නිසදැස් ලියන්නෙත්.. දන්න, දැකපු අත්විඳපු දේ ගැන පොඩි සටහන් ලියන්නෙත් බලන කියවන අයත් එක්ක..මගේ ..දැනුම..අදහස් බෙදාගන්න මිසක් කිසිම දේශපාලන අරමුණකින්වත් ප්‍රසිද්ධ වෙන අදහසකින්වත් නෙමෙයි.

සීමිත දැනුම මත නිගමන

ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය වෙලා එන සීමිත දැනුම හා ප්‍රවෘත්ති මත පමණක් නිගමනයන්ට එළඹෙන.. ඒ වගේම විෂය දැනුමෙන් සීමිත පිරිසකට අවශ්‍ය නිවැරදි දැනුම ලබා දිය යුතුයි යන අදහස ගැන හිතුවෙ දැනට ටික කාලෙක ඉඳලා.

පසුගාමී අපි

අද දැනුම බෙදාගැනීමෙන් (sharing knowledge) තොර ලෝකයක් ගැන හිතන්න බැහැ. මේ අතින් ලංකාවෙ සමාජය පසුගාමීයි. ඒ නිසා තමයි දන්න කියන දේ බෙදාගැනීමේ ප්‍රවණතාවක් ඇතිවෙන්න ඕනෙ.

බැණුම් – කුණුහරුප ?

නමුත් මේ ලියන කියන දෙයින් මං ඇතිවෙන්න බැණුම් අහනවා, කුණුහරුප අහනවා. ඒ විතරක් නෙමෙයි, සමහර දෙනෙක් කියනවා මං දකින්නෙ වැරදි විතරයි .. කරන්නෙ විවේචන විතරයි කියලා.
ඒක වැරදි කතාවක්. එහෙම කියන කෙනෙක් ඉන්නව නම් ඒ පටු අදහස් තියෙන කෙනෙක් මිසක් සොබාදහමට.. සත්තුන්ට ගහටකොළට ආදරේ කෙනෙක් වෙන්න බෑ.

මම විදේශිකයෙක් !

මගේ යාළු මිත්‍රයන්ගෙ දේශපාලන අදහස් ඒ අයට තිබුණාවෙ. විදේශිකයෙක් වුණු මට ඔය මැති – ඇමතිවරුන්ගෙ ක්‍රියා වර්ණනාව දෙකේ පංතියේ කෝලං නාඩගං විතරයි. ඒව මට අදාළ නෑ.

මාව අවශ්‍ය කුමකටද ?

දේශපාලන කාණ්ඩෙ වර්ණනා කරන්නයි… දෙදාස් හත්සීයෙ උරුමය ගැන කියන්නයි.. දළදා මාලිගාවෙ හෝ සීගිරියෙ වර්ණනාවටයි ලංකාවෙ ඕනෙ තරම් අය ඉන්නව. ඒ වැඩේට විදේශයක ඉන්න මාව අවශ්‍ය නෑ.

මහාද්වීප 6ක අත්දැකීම්

මං කරන්නෙ මං දකින දේ බෙදා දෙන එක විතරයි. එහෙම නොකළොත් මහද්වීප හයක සංචාරය කරල ලබපු අත්දැකීම් මට විතරක් ඉතුරු වෙනවා.
ඕනෙම පුද්ගලයෙක් පුදුම වෙනවා සංචාරය කරන්න ගත්තට පස්සෙ.. අපේ මනස විවෘත වෙනවා..ගොඩාක් දේ වෙනස් විදිහට දකිනවා.. අපි හිතපු විදිහ කොයි තරම් නම් වැරදිද කියලා හිතෙනවා.

හීන දැකපු පොඩි එකෙක් !

මේ පිංතූර .. සටහන්.. බලන පොඩි එකෙක් හීන දකීවි සංචාරය කරන්න. මාත් එහෙම හීන දැකපු පොඩි එකෙක්.

ස්වාධීන මිනිසෙක් !

ඒ හැර කිසි කෙනෙක් එක්ක තරහක් වයිරයක් මට නෑ.
යුරෝපීයන්වත් ඇමරිකානුවන්වත් ස්විට්සර්ලන්තෙවත් නෝර්වේ රාජ්‍යයවත් පුම්බන එක .. වර්ණනා කරන එක මගේ අරමුණ නෙමෙයි. කිසිම පිරිසකට අයිති නැති ස්වාධීන මිනිසෙක් වීම මම එදා ඉඳලම දැකපු හීනයක්.

හීනයේ හැඩය

Citizen of the World… කුඩා කාලෙම මං දැකපු හීනයක්.
දකින ඇහෙන දේ ගැන මගේ අදහස් පළකිරීම තුළින් වෙන හානියක් මම දකින්නෙ නෑ. අනෙක් කාරණේ.. මේ ලියන දේ බොහොම සරලයි.. පිළිගන්න කියලා කාටවත් බලකිරීමක් නෑ.
යමක් විවේචනය කරනවා නම් ඒ හොර මැරකම් කරන පිරිසත්.. ගස් කොළං කපන..සත්තුන්ට හිංසා කරන..කුල මල ආගම් හදාගෙන පොඩි මිනිස්සුන්ව තලා-පෙළන පිරිසත් .. දේශපාලන අරමුණු හිතේ තියාගෙන කයිවාරු ගහන කාණ්ඩෙත් විතරයි.

දැනුම බෙදාගමු !

ඒ අයට කඩේ යන .. පුංචි මිනිස්සුන්ව පාගන්න හදන කවුරු හරි ඉන්නව නම් ඒ අයට දොර විවෘතයි . අනෙක් සුන්දර මිනිස්සු එක්ක අදහස්දැනුම බෙදාගනිමු.

දැනුම බෙදාගන්න දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්න අවශ්‍යම නැහැ. ඒ මගේ හැඟීම.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...