ලංකාවට මොකද වෙන්නෙ? : එක්සත් ජාතීන්ගේ වාර්තාවේ අඩුවක් නීතිඥ ජයන්ත ජිනීවාහිදී පෙන්වා දෙයි !

Share post:

පැහැදිලි ජනවරමක් නැති වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කල් දමමින් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරමින් සිටින බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේ හය වැනි රැස්වීමේදී ‘පැක්ස් රොමානා‘ සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාවේ ද නිසි කලට මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුළත් කර නොතිබීම ගැන කණගාටු වන බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඡන්ද බලය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඇති අයිතිය වැනි සමාජ ආර්ථික අයිතිවාසිකම් නිසි පරිදි තහවුරු කිරීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සිවිල් නිදහසට එරෙහි ඇතැම් මර්දනිය නීතිවල විෂ්‍ය පථය පුළුල් කිරීමට රජය අත්සාහ ගනිමින් සිටින බවත්, පුනරුත්තාපන කාර්යංශ පනත් කෙටුම්පත සහ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ යහපැවැත්ම සඳහා ඇති භයානකම නීති දෙකක් බවත් නීතිඥවරයා අවධාරණය කළේය.

රාජ්‍ය වියදම් කපාහැරීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ සහ කාර්ය මණ්ඩලවල හිඟයක් ඇතිවී තිබෙන බව ප්‍රකාශ කළ දෙහිඅත්තගේ මහතා විශ්වවිද්‍යාලවල සහ පාසල්වලද එවැනිම තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කළේය.

ඡන්දයට ඇති අයිතියට ගරු කරන ලෙසත්, සිවිල් අයිතිවාසිකම් කප්පාදු කිරීමේ උත්සාහයන් කතර කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව කී නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිිළිබඳ අධීක්ෂණ යාන්ත්‍රණය වැඩිදියුණු කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ද ඉල්ලා සිටියේය.

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...