ලංකාවට මොකද වෙන්නෙ? : එක්සත් ජාතීන්ගේ වාර්තාවේ අඩුවක් නීතිඥ ජයන්ත ජිනීවාහිදී පෙන්වා දෙයි !

Share post:

පැහැදිලි ජනවරමක් නැති වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කල් දමමින් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරමින් සිටින බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේ හය වැනි රැස්වීමේදී ‘පැක්ස් රොමානා‘ සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාවේ ද නිසි කලට මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුළත් කර නොතිබීම ගැන කණගාටු වන බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඡන්ද බලය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඇති අයිතිය වැනි සමාජ ආර්ථික අයිතිවාසිකම් නිසි පරිදි තහවුරු කිරීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සිවිල් නිදහසට එරෙහි ඇතැම් මර්දනිය නීතිවල විෂ්‍ය පථය පුළුල් කිරීමට රජය අත්සාහ ගනිමින් සිටින බවත්, පුනරුත්තාපන කාර්යංශ පනත් කෙටුම්පත සහ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ යහපැවැත්ම සඳහා ඇති භයානකම නීති දෙකක් බවත් නීතිඥවරයා අවධාරණය කළේය.

රාජ්‍ය වියදම් කපාහැරීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ සහ කාර්ය මණ්ඩලවල හිඟයක් ඇතිවී තිබෙන බව ප්‍රකාශ කළ දෙහිඅත්තගේ මහතා විශ්වවිද්‍යාලවල සහ පාසල්වලද එවැනිම තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කළේය.

ඡන්දයට ඇති අයිතියට ගරු කරන ලෙසත්, සිවිල් අයිතිවාසිකම් කප්පාදු කිරීමේ උත්සාහයන් කතර කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව කී නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිිළිබඳ අධීක්ෂණ යාන්ත්‍රණය වැඩිදියුණු කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ද ඉල්ලා සිටියේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...