කොක්කුතුඩුවායි : මිනිස් ජීවිත 6ක අස්ථි කොටස් හමුවෙයි !

Share post:

මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වූ ශ්‍රී ලංකාවේ අලුත් ම සමූහ මිනීවළේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින හයක් නිමා වන විට පුද්ගලයන් හය දෙනකුගේ අස්ථි කොටස් ගොඩගෙන තිබේ.

සැප්තැම්බර් 12දා කැනීම් කටයුතු නිමාවීමෙන් පසුව, සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා තිබුණේ අඟහරුවාදා දිනයේ ද (12) පුද්ගලයෙකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි.
‘අද මිනිස් සිරුරක් සම්පූර්ණයෙන් ගොඩගත්තා. ඊයේ කැණීම් කටයුතුවල ඉතුරුවෙලා තිබුණු කොටස් ටිකත් ගත්තා. අද කැණීමේදී අපජලය පිරිපහදු කරලා බොන රුසියාවේ නිෂ්පාදනය කරපු උපකරණයක් සොයගෙන තියනවා.’

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතුඩුවායිහිදී මාස දෙකකට ඉහත මතුවූ මෙම සමූහ මිනීවළේ කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6දා උදෑසන සිට යළි ආරම්භ කෙරිණි.

කොක්කුතුඩුවායි මහා විද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 බ්‍රහස්පතින්දා පස්වරුවේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් හමුවී තිබුණේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජල නල එළීමට පොළොව හාරමින් සිටියදී ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...