කොක්කුතුඩුවායි : මිනිස් ජීවිත 6ක අස්ථි කොටස් හමුවෙයි !

Share post:

මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වූ ශ්‍රී ලංකාවේ අලුත් ම සමූහ මිනීවළේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින හයක් නිමා වන විට පුද්ගලයන් හය දෙනකුගේ අස්ථි කොටස් ගොඩගෙන තිබේ.

සැප්තැම්බර් 12දා කැනීම් කටයුතු නිමාවීමෙන් පසුව, සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා තිබුණේ අඟහරුවාදා දිනයේ ද (12) පුද්ගලයෙකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි.
‘අද මිනිස් සිරුරක් සම්පූර්ණයෙන් ගොඩගත්තා. ඊයේ කැණීම් කටයුතුවල ඉතුරුවෙලා තිබුණු කොටස් ටිකත් ගත්තා. අද කැණීමේදී අපජලය පිරිපහදු කරලා බොන රුසියාවේ නිෂ්පාදනය කරපු උපකරණයක් සොයගෙන තියනවා.’

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතුඩුවායිහිදී මාස දෙකකට ඉහත මතුවූ මෙම සමූහ මිනීවළේ කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6දා උදෑසන සිට යළි ආරම්භ කෙරිණි.

කොක්කුතුඩුවායි මහා විද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 බ්‍රහස්පතින්දා පස්වරුවේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් හමුවී තිබුණේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජල නල එළීමට පොළොව හාරමින් සිටියදී ය.

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...