මරියතුමියගේ පිළිමයේ ඇස්වලින් රුධිරය ගැලීම : මේක මානසික ඇනවුමකින් සිදුවන්නක් – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

Share post:

මරියතුමියගේ කුඩා පිළිමයක ඇස්වලින් රුධිරය වැගිරෙන බවට මාධ්‍ය මගින් සිදු කළ ප්‍රචාරය නිසා හැටන් සිරිකුරුස දේවස්ථානයට විශාල පිරිසක් රැස්වීම සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් දක්වන අදහස :

‘බුදු පිළිමවලින් රැස් විහිදෙනවා කියා කියපු දේ සිදුවුණේ ආලෝක පරාවර්තනයක් නිසා කෙනෙකු දුටු දෘෂ්ඨි මායාවක් වැනි යමක් අනෙක් අයට ප්‍රකාශ කිරීම. මෙවැනි පිළිමයකටත් ඇතැම් අවස්ථාවල යම් පරාවර්තිත ආලෝකයක් ලැබීමෙන් දිලිසීමක් තවත් කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන් යම් දියරයක් වැගිරෙනවා කියලා. ඇතැම් දේව පිළිම සකස් කරන අවස්ථාවේදී ම කඳුළු වැගිරෙන ආකාරය පෙනෙන විදිහට සකස් කර තිබෙනවා. මෙවැනි පිළිම සම්බන්ධයෙන් කෙනෙකුගේ ඇති අධික විශ්වාසය, භක්තිය නිසා ඇතැම් අවස්ථාවලදී සැබවින්ම නැති දේවල් මැවිලා පේන්න පුළුවන්. කෙනෙක් තමන්ට මැවිලා පෙනෙන දේ තවත් කෙනෙකුට කිව්වාම ඒ තැනැත්තාත් අධික භක්තිය නිසා ඒක විශ්වාස කරනවා. නමුත් ඇත්තටම එවැන්නක් සිදුවන්නේ නෑ. විශ්වාසයක් මත තමයි මේක සිදුවන්නේ. මෙය මානසික ඇනවුමකින් සිදුවන දෙයක්.’

උපුටාගැනීම : https://si.rata.lk/

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...