මරියතුමියගේ පිළිමයේ ඇස්වලින් රුධිරය ගැලීම : මේක මානසික ඇනවුමකින් සිදුවන්නක් – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

Share post:

මරියතුමියගේ කුඩා පිළිමයක ඇස්වලින් රුධිරය වැගිරෙන බවට මාධ්‍ය මගින් සිදු කළ ප්‍රචාරය නිසා හැටන් සිරිකුරුස දේවස්ථානයට විශාල පිරිසක් රැස්වීම සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් දක්වන අදහස :

‘බුදු පිළිමවලින් රැස් විහිදෙනවා කියා කියපු දේ සිදුවුණේ ආලෝක පරාවර්තනයක් නිසා කෙනෙකු දුටු දෘෂ්ඨි මායාවක් වැනි යමක් අනෙක් අයට ප්‍රකාශ කිරීම. මෙවැනි පිළිමයකටත් ඇතැම් අවස්ථාවල යම් පරාවර්තිත ආලෝකයක් ලැබීමෙන් දිලිසීමක් තවත් කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන් යම් දියරයක් වැගිරෙනවා කියලා. ඇතැම් දේව පිළිම සකස් කරන අවස්ථාවේදී ම කඳුළු වැගිරෙන ආකාරය පෙනෙන විදිහට සකස් කර තිබෙනවා. මෙවැනි පිළිම සම්බන්ධයෙන් කෙනෙකුගේ ඇති අධික විශ්වාසය, භක්තිය නිසා ඇතැම් අවස්ථාවලදී සැබවින්ම නැති දේවල් මැවිලා පේන්න පුළුවන්. කෙනෙක් තමන්ට මැවිලා පෙනෙන දේ තවත් කෙනෙකුට කිව්වාම ඒ තැනැත්තාත් අධික භක්තිය නිසා ඒක විශ්වාස කරනවා. නමුත් ඇත්තටම එවැන්නක් සිදුවන්නේ නෑ. විශ්වාසයක් මත තමයි මේක සිදුවන්නේ. මෙය මානසික ඇනවුමකින් සිදුවන දෙයක්.’

උපුටාගැනීම : https://si.rata.lk/

Related articles

රුසියාව හා චීනය “ඉරානය” බේරගනීද?

ලෝක දේශපාලනය කියන්නේ හරියට "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" වගේ වැඩක්. මිතුරන් හතුරන් වෙනවා, හතුරන් මිතුරන් වෙනවා. හැබැයි මේ හැමදේම...

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...

ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලානයකින් ඉවතට විසි විය

තවදුරටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකින් ඉවතට විසි වීම, ක්‍රිකට් ලෝකයට මවිතයක් ගෙන දෙන සිදුවීමක් නොවේ.සැබැවින්ම ක්‍රිකට් ලෝකය මවිත...

‘දුර දසුනක හිරු ගිනිගෙන’- පරිවර්තිකා අනූෂා සිවලිංගම්

ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්වය මධ්‍යයේ පසුගිය...